කාදිනල්වරයා පොලිස්පති වෙන්න හදනවා – ඥාණසාර හිමි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා

ඒ, අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේදී බදිල්ලේදී එම හිමියන් අදහස් දක්වමින්.

තත්වය එසේ නම් පොලිස්පතිකම කාදිනල්තුමන්ට භාරදිය යුතු බවයි උන්වහන්සේ පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.

“කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට පෙනෙන්නේ නිල නොවන පොලිස්පති වගේ. මේ රටේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන විදියක් තියෙනවානේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා ඒ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන, පෙනී ඉන්න ඕන . ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.

මම දැක්කා ඊයේ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා.ඒ පොලිසිය භාර ඇමැතිවරයා ඒ පැහැදිලි කිරිම් කළා .ඉතින් මම දැක්කා අද එතුමා නැවත ප්‍රති උත්තර දිලා තියෙනවා මේවා නිකන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා .ඉතින් මම දන්නේ නෑ. එතකොට කාටද එහෙනම් අපි පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට .මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තේ.”

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...