කාදිනල්වරයා පොලිස්පති වෙන්න හදනවා – ඥාණසාර හිමි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා

ඒ, අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේදී බදිල්ලේදී එම හිමියන් අදහස් දක්වමින්.

තත්වය එසේ නම් පොලිස්පතිකම කාදිනල්තුමන්ට භාරදිය යුතු බවයි උන්වහන්සේ පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.

“කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට පෙනෙන්නේ නිල නොවන පොලිස්පති වගේ. මේ රටේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන විදියක් තියෙනවානේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා ඒ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන, පෙනී ඉන්න ඕන . ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.

මම දැක්කා ඊයේ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා.ඒ පොලිසිය භාර ඇමැතිවරයා ඒ පැහැදිලි කිරිම් කළා .ඉතින් මම දැක්කා අද එතුමා නැවත ප්‍රති උත්තර දිලා තියෙනවා මේවා නිකන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා .ඉතින් මම දන්නේ නෑ. එතකොට කාටද එහෙනම් අපි පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට .මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තේ.”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...