අරවින්දගේ නිවසේ මෙහෙකරුවන් ව්‍යාජ ඇප තැබීමකට පොළඹවන්නේ කවුද? 

පසුගිය දා මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපකරුවන් ලෙස පෙනී සිට ව්‍යාජ ලෙස පෙනී සිට ඇප  ලබා දුන්නා යැයි පවසන සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා මැයි මස 12 වන දා නියෝග කළේය .

මෙසේ ව්‍යාජ ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ  ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ සේවය කරන බව කියන ගනේෂ් සහ තිස්ස නැමැති පුද්ගලයන් දෙදෙනයි . මොවුන් දෙදෙනා කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ රුපියල් 15,000 ක කුලී මුදලක  එකඟතාවය මතය. ඔවුන් එසේ පෙනී සිට ඇත්තේ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් වෙනුවෙනි .

කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී හමුවන්නේ  කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ  බිරිඳගේ නිවුන් සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ තිබියදීය.

කපිල චන්ද්‍රසේනගේ කතාව ඇතුලේ අරවින්ද සිල්වාගේ සබඳතාවයන් බොහෝ විට අපට හමුවන අතර ඊට හේතුව වී තිබෙන්නේ ඔවුන් දෙදෙනා දෙමස්සිනන් වීමය .  කෙසේ වෙතත් අරවින්දගේ නිවසේ  මෙහෙකරුවන්  ව්‍යාජ ඇප තැබීමකට පොළඹවන්නට හැකියාව ඇත්තේ ඔවුන් සමග ළඟ සම්බන්ධතාවයක් පවතින පුද්ගලයෙකුට පමණි . 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...