අරවින්දගේ නිවසේ මෙහෙකරුවන් ව්‍යාජ ඇප තැබීමකට පොළඹවන්නේ කවුද? 

පසුගිය දා මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපකරුවන් ලෙස පෙනී සිට ව්‍යාජ ලෙස පෙනී සිට ඇප  ලබා දුන්නා යැයි පවසන සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා මැයි මස 12 වන දා නියෝග කළේය .

මෙසේ ව්‍යාජ ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ  ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ සේවය කරන බව කියන ගනේෂ් සහ තිස්ස නැමැති පුද්ගලයන් දෙදෙනයි . මොවුන් දෙදෙනා කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ රුපියල් 15,000 ක කුලී මුදලක  එකඟතාවය මතය. ඔවුන් එසේ පෙනී සිට ඇත්තේ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් වෙනුවෙනි .

කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී හමුවන්නේ  කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ  බිරිඳගේ නිවුන් සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ තිබියදීය.

කපිල චන්ද්‍රසේනගේ කතාව ඇතුලේ අරවින්ද සිල්වාගේ සබඳතාවයන් බොහෝ විට අපට හමුවන අතර ඊට හේතුව වී තිබෙන්නේ ඔවුන් දෙදෙනා දෙමස්සිනන් වීමය .  කෙසේ වෙතත් අරවින්දගේ නිවසේ  මෙහෙකරුවන්  ව්‍යාජ ඇප තැබීමකට පොළඹවන්නට හැකියාව ඇත්තේ ඔවුන් සමග ළඟ සම්බන්ධතාවයක් පවතින පුද්ගලයෙකුට පමණි . 

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...