කෝරෝන වෛරසය මුහුණ දීමට ඕස්ට්‍රේලියාවට නිසි සැලසුමක් නැහැ

Date:

ලෝකයෙ බොහෝ ධනේශ්වර රාජ්‍යයන් කොරොනා වෛරසය හමුවේ පරාජය ලබන විට මේ දක්වා ඕස්ට්‍රේලියානු මධ්‍යම ‍රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ගැන ජනතා අප්‍රසාදයක් ඇති අතර වසංගතය පාලනයට ගන්නා ක්‍රියාමාර්ග යම් දුරකට හෝ සාර්ථක නොමැති වී ඇති බව දවස් තුනකට වරක් රෝගීන් ප්‍රමාණය දෙගුණවීමෙන් ඔප්පු වේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම ‍රජය විසින් කෙසේ හෝ රටේ ආර්ථිකය පවත්වාගෙන ‍යෑමට ගන්නා වු උත්සහය ඉදිරියෙ ජිවිත හානිය අවම කර ගැනීමට ඇති අවස්ථාව ගිලිගෙන ලකුණු මේ වෙනකොට පහල වෙමින් පවති.

විය්‍යපාරික ප්‍රජාවට අදියර දෙකක් යටතෙ අති විශාල සහන පැකේජයක් ලබා දී රජය උත්සුක වූයෙ කෙසේ හෝ ආර්ථිකය අසමතුලිතව පවත්වාගෙන යෑමට උවද, මේ වසංගතය පැතිරෙන ආකාරය අනුව එය ඒ තරම් සාර්ථක වන බවක් පෙනෙන්නෙට නැත.

ජනතාවගෙ බැංකු ණය අය කිරීම් කල් ගත කිරීම සහ සමාජ ආරක්ෂණ ගෙවීම් වැඩි කිරිමට රජය ක්‍රියා කලද එම ආයථන වලට පැමිණි අති විශාල අයදුම් පත් ප්‍රමාණයක් නිසා එම යාන්ත්‍රණය කඩා වැටීම හේතුවෙන් තවමත් නිශ්චිත තොරතුරක් නොදන්නා බොහෝ පිරිස් අපේක්ෂාභංගත්වය පත් වී ඇත.

බොහෝ දියුණු ධනේශ්වර රටවලට සාපෙක්ෂව ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය සේවා පද්ධතිය යම් ප්‍රමාණයකට රජය විසින් මැදිහත් වී පවත්වාගෙන යෑමෙ වාසිය මේ වන විට ඕස්ට්‍රේලියානු ජනතාව අත් විදින එක්තරා සහනයක් ලෙස සැලකිය හැක.

මේ වන විට රජය විසින් සිය බාහිර සහ අභ්‍යන්තර දේශසීමා වසා දමා ඇති අතර ඕස්ට්‍රේලියාවට විදේශ වල සිට පැමිණෙන ඕනෙම අයෙකු හෝටල් හෝ නවාතැන් තුල දින 14 ක් නොරෝධායනට ලක්විය යුතුය.

සියළුම ජනතා සහභාගිත්වයන් සහිත උත්සව සහ අවස්ථා ‍නවත්වන ලෙස රජය උපදෙස් දී ඇති අතර පුද්ගලයන් අතර පවත්වාගත යුතු සමාජය දුර්ස්ථභාවය අනිවාර්යක් බව නිවේදනය කරන ලදී.

ඕසඕස්ට්‍රේලියානු මධ්‍යම ‍රජයට සාපේක්ෂව වික්ටොරියානු අගමැතිවරයා ඉතා සාධනිය ලෙස මෙයට ප්‍රායොගික විසදුම් යෝජනා කරන නමුත් ජනතාව ඉල්ලා සිටින පූර්ණ නිරෝධායන තත්වයට කලාපය පත් නොකිරීම ගැන ඔහුටද විවේචන එල්ලවී ඇත.

නමුත් මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් රෝගීන් 4000 කට ආසන්න ප්‍රමාණයක් වාර්ථා වීම නිසා තුන්වන අදියරෙ නිරෝධායනකට රට ලක්කිරීමෙ සුදානමක් ගැන වාර්ථා ලැබෙමින් පවති.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...