COVID-19 රුසියානු එන්නත ඔක්තෝම්බරයේදී පිලිපීනයත් සායනික අත්හදා බැලීම් සඳහා සුදානම්

කො‍‍රෝනා වෛරසයේ ආගමනය ලෝකය බියෙන් සලිත කලේය. එහෙත් ප්‍රතිකාරයක් නොදුටු විට ලෝකය එයට පුරුදු විය. දැන් ලෝකය ගමන් කරන්නේ ඡීවත්වන්නේ වෛරසයත් සමගය. නමුදු දියුණු රටවල් එය මුලිනුපුටා දැමිය හැකි ඖෂධයක් සොයා තවමත් වෙහෙස වෙති. ඒ අනුව රුසියාව කොරෝනා වෛරසය මැඩලිය හැකි ප්‍රථම එන්නත ලෝකයට හදුන්වා දෙමින් සිටී එය නමිකර ඇත්තේ ලෝකයේ පළමුවන චන්ද්‍රකාව වන රුසියානුවන්ගේ ‘‘ ස්පුටිනික් ‘‘ චන්ද්‍රකාවෙි නාමයෙනි. එහි අවසාන සහ තෙවැනි සායනික අත්හාදා බැලීම රුසියාවෙිත් රුසියාවෙන් පිටස්තර දේශයක් වන පිලිපීනයෙත් එකවිට සිදු කරනු ඇත.

COVID-19 එන්නත සඳහා නියාමන අනුමැතිය ලබා දුන් පළමු රට රුසියාවයි. පිලිපීනය ඔක්තෝම්බර් මාසයේදී රුසියානු කොරෝනා වයිරස් එන්නත සඳහා සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පිලිපීන ජනාධිපති ප්‍රකාශක හැරී රොක් බ්‍රහස්පතින්දා පැවසීය. ඉන්කුවර් පුවත්පත උපුටා දක්වන පරිදි, රුසියානු රජය විසින් සායනික පරීක්ෂණ සඳහා අරමුදල් සපයනු ඇති අතර, සාමාන්‍යයෙන් රෝගීන් දහස් ගණනක් එන්නත් කිරීම මගින් එහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පරීක්ෂා කිරීම අපේක්ෂා කරයි.

තුන්වන අදියර අත්හදා බැලීම් රුසියාව සහ පිලිපීනය විසින් එකම කාල පරිච්ඡේදයක් තුළ සිදු කරනු ඇති බව රොක් පවසයි. පිලිපීන ඡනාධිපති සිය ඡනතාව අතර මෙම එන්නත ගැන ඇති බිය ගැන සදහන් කරමින් ‘‘ “එන්නත පැමිණි විට මම එය ප්‍රසිද්ධියේ එන්නත් කරමි. ‘‘ යනුවෙන් පවසා තිබූ ඔහු ‘‘”COVID සමඟ සටන් කිරීම පිළිබඳ ඔබේ අධ්‍යයනයන් කෙරෙහි මට විශාල විශ්වාසයක් ඇති බව මම ජනාධිපති පුටින්ට කියමි. ඔබලා නිපදවා ඇති එන්නත සැබවින්ම මනුෂ්‍ය වර්ගයාට යහපත් යැයි මම විශ්වාස කරමි” . දෙසැම්බර් මාසය වන විට පිලිපීනය වෛරසයෙන් ආරක්ෂා වනු ඇති බවත් COVID-19 වලින් තොර වන අතර සාමකාමී නත්තල් උත්සවයක් භුක්ති විඳීමට හැකි වනු ඇති බවටත් මම විශ්වාසය පලකරමි ‘‘ වැඩි දුරටත් කියා තිබිණි

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...