වලව වම් ඉවුර ඒ්කාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවි සංවිධාන රැසක නියෝජිතයින් පසුගියදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති , හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා සහ ප්‍රදේශයේ මහවැලි නිලධාරීන් මෙහි වග උත්තර කරුවන් ලෙස දක්වා තිබුණා.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට යාබද ඉඩම් අක්කර දහස් ගණනක් සූර්ය විදුලි ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපෘති සඳහා පවරා දීම, මහවැලි ජලය බෙදාහැරීමේ ගැටලූ, ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉහත දක්වා ඇති වග උත්තර කරුවන් පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා. කුණු පළාත් ජනතා සැලසුම් සංසදයේ ක්‍රියාකාරී සංවිධානයක් වන වලව වම් ඉවුර ඒ්කාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මෙම ඉඩම් පවරා දීම පසුපස විවිධ සමාගම් වලින් අල්ලස් ලබාගෙන ඇතැයි සැකයක් මතු වන බවයි.මෙම ගොවි සංවිධාන නියෝජිතයින් ශ්‍රීලංකා මහවැලි අධිකාරිය වෙත ද එදිනම පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පස්වරුවේ ඉදරි ඒ්කාබද්ධ ක්රියාමිරිග් පිළිබඳ සිවිල් සංවිධාන නියෝජතයින් සමඟ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය






