වලව ගොවීන්ගෙන් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ගලප්පත්තිට එරෙහිව පැමිණිල්ලක්

වලව වම් ඉවුර ඒ්කාබද්ධ ගොවි සංවිධානයට අයත් ගොවි සංවිධාන රැසක නියෝජිතයින් පසුගියදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති , හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා සහ ප්‍රදේශයේ මහවැලි නිලධාරීන් මෙහි වග උත්තර කරුවන් ලෙස දක්වා තිබුණා.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට යාබද ඉඩම් අක්කර දහස් ගණනක් සූර්ය විදුලි ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපෘති සඳහා පවරා දීම, මහවැලි ජලය බෙදාහැරීමේ ගැටලූ, ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉහත දක්වා ඇති වග උත්තර කරුවන් පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා. කුණු පළාත් ජනතා සැලසුම් සංසදයේ ක්‍රියාකාරී සංවිධානයක් වන වලව වම් ඉවුර ඒ්කාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මෙම ඉඩම් පවරා දීම පසුපස විවිධ සමාගම් වලින් අල්ලස් ලබාගෙන ඇතැයි සැකයක් මතු වන බවයි.මෙම ගොවි සංවිධාන නියෝජිතයින් ශ්‍රීලංකා මහවැලි අධිකාරිය වෙත ද එදිනම පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර පස්වරුවේ ඉදරි ඒ්කාබද්ධ ක්‍රියාමිරිග් පිළිබඳ සිවිල් සංවිධාන නියෝජතයින් සමඟ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...