Breaking News

ඉන්දියානු සහාය ඇතිව ලංකාවේ ජනතාවගේ තොරතුරු පද්ධතියක් සැකසීමට කැබිනට් අනුමැතිය

මෙරට ජනතාවගේ සියලු තොරතුරු රැගත් පරිගණක පද්ධතියකට හෙවත් ඇල්ගොරිදමයක් සකස් කිරීම පිළිබඳ ගිවිසුමකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර එම ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

ආණ්ඩුවට බලයට පත්ව ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු වූ පළමු ඉන්දීය සංචාරයේදී ගිවිසුමට එකඟ වී, ශ්‍රී ලංකාවට පැමිණි විගස පැවති පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මෙවන් තීරණාත්මක ගිවිසුමකට එකඟ වී තීබෙන අතර, ගිවිසුමේ අන්තර්ගත වන්නේ කෙබඳු කාරණාදැයි පැහැදිලිව ප්‍රසිද්ධ කර නොමැත.

 

කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩිජිටල් සංවර්ධන ක්ෂේත්‍රයේ ධාරිතා වර්ධනය කිරීම, ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වැනි පුළුල් අර්බුදයක් හැඟවෙන ආකාරයේ කරුණු සහිතවය.

 

කැබිනට් තීන්දුව පිළිබඳ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්ය.

 

‘තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඊ-රාජ්‍ය පාලනය, මූල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල අත් කරගෙන ඇති විශේෂඥ දැනුම බහුවිධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමත් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබේ. එමගින් ඩිජිටල් සංවර්ධන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවරධන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.‘

උපුටා ගැනීම – what news.lk

leave a reply