එයාර් බස් ගණුදෙනුවට චමල් රාජපක්ෂගේ පුතෙකුට චෝදනා

2013 සහ 2014 යන වසරවල දී සිදු වූ දූෂිත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව, හිටපු කතානායක චමල් රාජපක්ෂගේ බාල පුතු වූ ශමීන්ද්‍ර රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එයාර්බස් ගනුදෙනුවෙන් රටට වූ සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන හාරසියය ඉක්මවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අනාවරණය කළේ ය. ඩොලර් මිලියන හාරසියයක් වූ මෙම පාඩුවට, එයාර්බස් ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ගෙවීමට වූ ඩොලර් මිලියන 115 ක දඩමුදලද ඇතුළත් ය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද ප්‍රියන්කා විජේනායක යන අය දූෂිත එයාබස් ගනුදෙනුවට අදාල ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම දූෂිත ගනුදෙනුව සිදු කිරීම සදහා ඔවුන් දෙදෙනා ප්‍රංශ සමාගමකින් ඩොලර් මිලියන දෙකක අල්ලසක් ගෙන ඇති බව අනාවරණය විය.

එයාබස් ගනුදෙනුවට අදාලව සිදුවන විමර්ශන අතරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නාමල් රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...