එයාර් බස් ගණුදෙනුවට චමල් රාජපක්ෂගේ පුතෙකුට චෝදනා

2013 සහ 2014 යන වසරවල දී සිදු වූ දූෂිත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාලව, හිටපු කතානායක චමල් රාජපක්ෂගේ බාල පුතු වූ ශමීන්ද්‍ර රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එයාර්බස් ගනුදෙනුවෙන් රටට වූ සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන හාරසියය ඉක්මවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අනාවරණය කළේ ය. ඩොලර් මිලියන හාරසියයක් වූ මෙම පාඩුවට, එයාර්බස් ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ගෙවීමට වූ ඩොලර් මිලියන 115 ක දඩමුදලද ඇතුළත් ය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද ප්‍රියන්කා විජේනායක යන අය දූෂිත එයාබස් ගනුදෙනුවට අදාල ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම දූෂිත ගනුදෙනුව සිදු කිරීම සදහා ඔවුන් දෙදෙනා ප්‍රංශ සමාගමකින් ඩොලර් මිලියන දෙකක අල්ලසක් ගෙන ඇති බව අනාවරණය විය.

එයාබස් ගනුදෙනුවට අදාලව සිදුවන විමර්ශන අතරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නාමල් රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...