ඩිජිටල් අධ්‍යාපනය එද්දී තාමත් සියයට 40ට internet නැහැ

Datareportal හි වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40.3 ක් තවමත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලය භාවිතා නොකරයි. එසේම පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් මිලියන 13.9 ක් වූ අතර එය 2024 සිට මිලියන 1.5 ක වැඩිවීමකි.

‘ඩිජිටල් ශ්‍රී ලංකාව 2026’ නම් වාර්තාවේ සඳහන් වන්නේ “2025 අවසානයේ ශ්‍රී ලංකාවේ මිලියන 9.37 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා නොකළ” බවයි.

මේ තොරතුරු හෙළිවන්නේ වත්මන් ආණ්ඩුව රටේ අධ්‍යාපනය නවීකරණය කරන බව පවසමින් අන්තර්ජාලය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් පාසල් වෙත හඳුන්වා දීමට සාපේක්ෂවයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති හරිනි අමරසූරිය පැවසුවේ ප්‍රශ්නගත 6 ශ්‍රේණිය සඳහා නිර්දේශිත මොඩියුල් ක්‍රමය කිසිදු වෙනසකින් තොරව ඉදිරි වසරේදී හඳුන්වා දෙන බවයි.

නමුත් යෝජිත ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රටේ අන්තර්ජාල සාක්ෂරතාවය සහ පහසුකම් කොතරම් දුරට ගැලපේද යන්න ප්‍රශ්නයක් ලෙස පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...