ඩිජිටල් අධ්‍යාපනය එද්දී තාමත් සියයට 40ට internet නැහැ

Datareportal හි වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40.3 ක් තවමත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලය භාවිතා නොකරයි. එසේම පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන් මිලියන 13.9 ක් වූ අතර එය 2024 සිට මිලියන 1.5 ක වැඩිවීමකි.

‘ඩිජිටල් ශ්‍රී ලංකාව 2026’ නම් වාර්තාවේ සඳහන් වන්නේ “2025 අවසානයේ ශ්‍රී ලංකාවේ මිලියන 9.37 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතා නොකළ” බවයි.

මේ තොරතුරු හෙළිවන්නේ වත්මන් ආණ්ඩුව රටේ අධ්‍යාපනය නවීකරණය කරන බව පවසමින් අන්තර්ජාලය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් පාසල් වෙත හඳුන්වා දීමට සාපේක්ෂවයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති හරිනි අමරසූරිය පැවසුවේ ප්‍රශ්නගත 6 ශ්‍රේණිය සඳහා නිර්දේශිත මොඩියුල් ක්‍රමය කිසිදු වෙනසකින් තොරව ඉදිරි වසරේදී හඳුන්වා දෙන බවයි.

නමුත් යෝජිත ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රටේ අන්තර්ජාල සාක්ෂරතාවය සහ පහසුකම් කොතරම් දුරට ගැලපේද යන්න ප්‍රශ්නයක් ලෙස පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...