විදුලි සේවකයන්ට තවමත් වන්දි ලැබී නැහැ

Date:

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉල්ලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය පෙබරවාරි 1වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත.

එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කර තිබුණි.

නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

එලෙස විශ්‍රාම යන සේවකයින් සඳහා වන්දි ලබාදීම සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම ලක්ෂ 50 දක්වා වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයින්ගේ වැඩි පිරිසක් මේ වන විට වෙනත් රැකියා සහ විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බවත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බවත් වාර්තා වේ.

මේ අතර පසුගියදා චෝදනා නැගුනේ මෙම සේවකයන් සඳහා ලබාදිය යුතු සේවක වන්දි මුදල් විදුලි පාරිභෝගිකයන්ගේ බිලට එකතු කිරීමේ සූදානමක් පවතින බවටයි.

විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල තුල සේවකයන්ට වන්දි ලබාදීමේදී විවිධ අසාධාරණයන් සිදුවිය හැකි බවට අනාවැකි පලවිය.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...