එරික් ඉලයප්ආරාරච්චිගේ නවතම කෘතිය වන සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍ය තුල කිසිවකුගේ ඇස නොගැටෙන කිසියම් පුද්ගලානුබද්ද සහ එයටම ආවේණික වු සංස්කෘතික වටපිටාවක අහුමුළු තුළින්, බිදවැටෙමින් පවතින සමකාලීන පුවත්පත් කලාවේ ගැඹුරු පැතිකඩක් සහ එහි නියැලී සිටින්නන්ගේ ජීවිතවල ආත්මීය වේදනාව පාඨකයා හමුවට ගෙන එයි.

එරික් ඒ සඳහා රංජිත් ජයසිංහ නම් මැදිවයසට එළඹෙන්නට පෙර මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයෙක්ගේ ද්‍රවිඩ සම්බවයක් සහිත බිරිය වූ ප්‍රියා වටා කෘතියට අවතීර්ණ වේ. ඇත්තෙන්ම මෙහිදි සිදුවන්නේ රංජිත් නැමති ප්‍රබුද්ධත්වය නියෝජනය කරමින් ඉංග්‍රීසි පුවත්පත් කලාවේ දැවැන්ත සෙවනැල්ලක් වු ඔහුගේ අකල් මරණය තුළ අනෙක් සියලුම චරිත එම දැවැන්ත සෙවනැල්ලේ පහස නොලැබීම තුළ ලත් දරුණු පරාජිත ජීවිතය තුළ ඔවුනගේ ජීවිත වලට වන කැළඹීම් සහගත ස්වහාවය කෘතිය පුරා දිවයාමට සැලැස්වයි.එවකට පුවත්පත් කලාව තුළ සිටි බොහොමයක්ම ඉංග්‍රීසි උගත් ඉහළ සමාජ පංතීන් නියෝජනය කල කොටස් වුහ. සමාජ දේශපාලන ආර්ථික දේහයන්හි පතළ දැනුමෙන් හෙබි ඉංග්‍රීසි උසස් සාහිත්‍ය ඇසුර ලත් පළල් සමාජ නියොජනයක් මොවුන් තුළ තිබුනි. එවකට පැවති වාමාංශික දේශපාලන ප්‍රවාහයට ආශාක්ත වු බොහොමයක් දෙනා ස්වකීය මැදිහත්ව්ම් සමාජ අරමුණු සඳහා විවෘත කලහ. රංජිත් අයිතිවනුයේ ඉහළ සමාජ බලයක් තිබුණු ධනවත් පවුලක කෙනෙකු ලෙසත් මහනුවර උසස් ඉංග්‍රීසි පාසලක අධ්‍යාපනය ලද , උසස් ඉංග්‍රීසි සාහිත්‍ය හැදෑරෑ අයෙකුලෙසත්ය . මෙය ඔහුගේ පුවත්පත් කලා ජීව්තයේ ආරම්භ ලක්ෂයයි. රංජීත් වැන්නන්ගේ ජීවිතවල තිබුණු සැබෑ අව්‍යාජත්වය සහ අනෙකා කෙරේ උපන් උපේක්ෂා සහගත බැදීම මෙම කෘතිය තුළ හමුවීම අහම්බයක්ද ? රංජීත් වැන්නෙකු ප්‍රියා වැනි ද්‍රව්ඩ තරුණියක හා විවාහ වීම පවා ඔවුනගේ පවුලට ප්‍රශ්නයක් නොවුයේ රංජීත්ගේ ජීවන විවාහ සහ ඔහු වැන්නෙකුගේ ජීවන දෘෂ්ට්ය කෙරේ අවබෝධයක් ඔවුනට තිබීමත් , ප්‍රියා වැන්නියක්ද ඒ හා සමාන පවුල් පසුබ්මක් සහ ඉංග්‍රීසි උගත් පුවත්පත් සම්බන්ධ තනතුරක් ඇය ද දැරිම මතය. දෙදෙනාගේ ජීවන වෘත්තිය හොඳින් පෑහිමත් තුළ ව්වාහයෙන් පසු රංජීත්ගේ පවුලට අයත් බොරැල්ල එලියට් පාරේ පරණ ගෘහ නිර්මාණ ශීල්පය මත ගොඩනගා ඇති නිවසේ ජීව්තය ගෙවූ යුගය ඇය නිතර සිහිකිරිම කෘතිය තුළ මනාව ගෙන එනු ලබයි . රංජීත්ගේ හදිසි මරණය ප්‍රියාව විශාල අර්බුදයකට තල්ලු කරදමයි. රංජීත් නොමැති ඇයගේ ජීව්තය තුළ ඇති බරපතළ හිස්කම මත එයින් ගැලවීමේ සාර්ථක උපක්‍රමයක් ලෙස වීදී වල වෙසෙන සුනකයින් සොයා ඔවුනට කෑම සාදා උන්ගේ කුසගිනි නිවමින් අහිංසක සතුටක් ලබයි. ඇත්තෙන්ම ඇය මෙයට පෙළඹෙනුයේ රංජීත් සහ ඇය අතර ගොඩනැගී තිබු සැබදියාවට සම්බන්ධවීමට තරම් සාර්ථක අනෙකෙකු ඔවුනගේ කථිකාව තුළ හමු නොවීමයි. රංජීත් ජීවත් වු කාලය තුළ නොයෙකුත් පුද්ගලයින් අතර ,කලා කරැවන් චිත්‍ර ශිල්පීන් පුවත්පතට ලිපි පලකරවා ගැනිමට පැම්ණෙන ලේඛකයන්, නාට්‍යකරුවන් කලාත්මක සමාජයේ පිරිස් ආව ගියත් ඔවුනගේ සංවාදයන් තුළ ඇයට මෙන්ම රංජීත්ට ද දැනුණේ එය ඉතා දුප්පත් සීමා සහිත රාමුවකට කොටුවු ස්වකීය පුද්ගල පැවැත්ම සඳහාම වෙන්වුවක් බවයි. ප්‍රියාට දැනුණේ රංජීත් තුළින් ඔවුන් ඔවුනගේ ජීව්ත වලට වඩා දෙයක් සෙව්මට උත්සාහ ගන්නා බවයි. රංජීත් වැනි පුවත්පත් කලාවේ ප්‍රවීණයෙකු ඇසුර ඔවුන්ව වෙනත් තලයක පිහිටුවීමෙි විභවයක් ඇති බව ඔවුන් හොදින් දැන සිට්යහ. එම සුහද මිනිස් ඇසුරවල් වල දිග පළල හොඳින් කියවා ගැනිමේ නිසග හැකියාවක් රංජීත් තුළ තිබීමත් ඔවුනගේ ච්න්තනමය දිළිඳු බව තුළ ලාංකීය කලාත්මක සමාජයේ ඇතිව තිබු ඇතැම් ජාතීවාදී දෘෂ්ටිවාදයන් කලාව වෙලාගනිම්න් තිබෙනු රංජීත් කල්තියා දැනගෙන තිබ්ම කතුවරයා මනාව ගෙන එනු ලබයි.
එරික් රජීත්ගේ පුවත්පත් කතුවර භූමිකාව ගොඩ නැංවීම සඳහා අපුරු උපක්‍රම භාවිතා කරයි. රටේ සමාජ දේශපාලන දේහයෙහි ඔහු තුළ වු කියවීම් එවකට අධිනිෂ්චය වෙමින් තිබු යුගයක රංජීත් වැන්නෙකුගේ ඉදිම ඉතාම අමාරැ වැඩක් බව පාඨකයාට කියවා ගැනිමට සලස්වයි . වඩාත් බලපෑම් සහගත වාමාංශික නැඹුරැවක් සහිත ඉංග්‍රීසි සමාජයේ සීමා මායිම් තඹෙිකට මායිම් නොකරන රංජීත් සිංහල ජාතිවාදය තුළ දියවෙමින් යන ව්පරීත දේශපාලන ආශාවල් ගැන ලත් අවබෝධයත් එයට ප්‍රතිපක්ෂව මතවාදීව පෙනී සිට්යත් , ඔහුගේ බීමත් කම තුළ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් දිය කර හරින්නට තම ව්රැද්ධවාදීන්ට පුළුවන්වීම රංජීත් ලද දේශපාලනමය පරාජයයි. බ්මත්කම තුළින් ඔහු සෙව්වේ සමස්ත පරාජයේ වේදනාව සමනය කිරිමේ දරැණු වේදනාවයි. මට අනුව රංජීත්ගේ පරාජයේ ආදීනව සමකාලීන මාධ්‍යය තුළ හොඳින් කියවා ගතහැකි වේ යැයි සිතම්. එසේම කෘතිය අපට ඉඟි කරන්නේ සමකාලින පුවත්පත් කලාවේ රංජීත්ලාගේ යුගයේ ප්‍රබුද්ධත්වයේ අවසානය සළකුණු කිරිමත් පසුව බ්හිවන වෙළඳපොළ තර්කනය තුළ අතරමන් වන ව්සකුරැ ම්නිසුන්ගේ ස්වයං ව්නාසයත්ය.
ඇත්ත, කතාව හරියටම අහුවුන තැන නම් , රංජීත්ගේ මරණය නැමති ක්ෂිතිමය අද්දැකීමයි. සංකේතීය කල නොහැකි රංජීත්ගේ මරණයේ වේදනාවෙන් ගැලවීමට ප්‍රියා පාරේ සිට්න සුනඛයින්ට කෑම උයාගෙන ගොස් උන්ට කෑම ලබාදෙම්න් අහිංසක සතුටක් ලබයි. නැතහොත් ඇය සුනඛයින්ට කෑම දීමෙන් වේදනාත්මක සතුටක් ලබයි. සිංහල සමාජය තුළ රංජීත්ගේ මරණයේ ක්ෂිතියේ ප්‍රබන්ධ මානය මෙම සුනඛ ආදරයයි. එරික් අසන්නේ එය පිුයා වැනි ගැහැණියක් හට සමාජයේ ඉදිම තුළ සුරක්ෂිත පැවැත්මකට ප්‍රමාණවත්ද යන්නයි.
රංජීත්ගේ මරණයින් පසුත් ඔවුනගේ නිවසට හිත ම්තුරන් ආ ගිය මුත් තනි වුනු ඇයට තම ස්වාම්යාගේ සහ ඇයගේ ජීවන රටාවට පෑහෙන යහපත් ම්නිස් සබඳතාවයක් ගොඩනගා ගැනිමට තරම් අනෙකෙකු හමු නොව්ම බරපතළ සමාජ ඛේදවාචකයකි. ඇයගේ ජීව්තයම සේම ඔවුනගේ හිත ම්තුරන්ගේ ජීවන පැවැත්මවල් තුළ තිබු අරැත් සුන් සීමාසහිතකම් වලටත් ඔවුනගේ සමාජ කියවීම්වල අඩුලුහුඬුකම් ඇය හොදින් දැන සිට්යාාය . මිතුරන් ඇසුරේ තමන් ලද හිස්කම දියකර හරිනවට වඩා කිසිවකගේ පිළිසරණක් නොමැති වට්නාකමක් , අගයක් , බැදීමක් නොමැති අසරණ කුස ගින්නේ පසුවන වීදි සුනඛයින් සොයා ගොස් කෑම සකස් කොට දීමෙන් ඇයගේ වේදනාත්මක ඉදිම තුළ අස්වැසිල්ලක් ලැබ්මට ඇය පුරුදු වුවාය. සමකාලින සමාජයේ සිය උපන් භූම්ය තුළ අසරණ වු මිනිසුන් පවතින වෙළඳපොළ ආර්ථිකය තුළ අන්ත අසරණකර ඇති මොහොතක අසරණ වීදී සුනකයින් මෙන් ඔවුන්ද සමාජයේ අසරණවී ඇති බව කෘතිය තුළ තව දුරටත් කියවා ගැනිමට සලස්වයි.
රංජීත්ගේ මරණය තුළින් ලත් ආත්මීය තුවාල වලින් ගැලවීමට ඇයට අවශ්‍යය . පවතින සමාජ ක්‍රමය තුළ තව දුරටත් ඇයට හුදකලාව ජීවත් විය නොහැක . සිය පැවැත්ම උදෙසා තමන්ට උරුම වී තිබෙන සංස්කෘතික ජීවන අනුභුතිය තුළින් ලද පන්නරයත්, රංජීත්ගේ විශාල සෙවනැල්ලක් තුළ ලත් ජීව්තාවබෝදයත් අතර මේ නොඉඳ ඉඳීම ප්‍රියාට පමණක් නොව රංජීත් සමග විකල්ප සම්බන්දතාවයක් පැවැත්වු නිම්මි ආදිත්‍යා නැමති ඩෙන්ට්ස්ට් කෙනෙකුගේ ජීව්තයට ද වඩාත් බලපෑම් එල්ල කිරිමට සමත්වුයේ ඇයි ? එනම් රංජීත් තුළ සිට් ඒ ආදරබර සුවිසල් මිනිසා සහ ඔහුගේ විශාල ආත්මයයි. රංජීත්ගේ එම ඇසුර ප්‍රිිියා ට අරුමයක් නොවුයේ ඔවුනගේ සංස්කෘතික ජීව්තය සමග තිබුණු බැදීම නිසාය.
රංජීත්ගේ හදිසි මරණය ප්‍රියාට මෙන්ම නිම්මි ටද දරාගත නොහැකි ක්ෂිතියකි. ඉහළ සමාජයේ මැති ඇමතිවරැන්ගේ බිරියන්ගේ , ධනවත් පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ගේ , දන්ත අලංකාරය කරමින් කාර්ය බහුල ජීව්තයක් ගෙවන ඇය ධනය බලය සහ මෙම පුද්ග ඇසුර තුළ වරප්‍රසාදිිත ජීව්තයක් ගත කරත්, මෙම ගත කරන ජීවිතයේ ඒකාකාරි බව ඇය වේදනාවට පත් කරයි. එම වෙිදනාවෙන් ගැලව්මේ ප්‍රභන්දමය මානය රංජීත්ගේ ඇසුරයි. රංජීත්ගේ මරණය තුලින් ඇයගේ ජීව්තය දරුණු කඩාවැටිම් ලක්වේ. මෙම ස්ත්‍රීන් දෙදෙනාම රංජීත්ගේ මරණය තුළ ලත් වේදනාවෙන් ගැලවීමට ඔවුන්ම ගොඩනගන ප්‍රභන්දය රංජීත්ගේ පෞරැෂවත් චරිතයේ ව්ශාලත්වය මත අසරණ වන ආකාරය කතුවරයා ගොඩනගන ආකාරය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී.
“රංජීත් මියයාමට පෙර එහි ආ දින ඇඳට දමා තිබුණු කහ කළු ෂෙන්නෑල් ඇද රෙද්ද ඒ අයුරින්ම තිබීමත් , අඩක් බී ඉතිිිරි වු විස්කි වීදුරුවත් , එදාසිට නොපෙරෙලන කැලැන්ඩරයත් , එහි තිබුණේ කිසිවක් වෙනස් නොවු පරිද්දෙනි . විටින් විට ඔහු විසින් කියවන්නට ගෙන ආ පොත් කීපයක්ද ඒ අතර විය. “
ප්‍රියා ආදිත්‍යා හමුවීම තුළ නැවත වතාවක් සිය මර්දිත සිතුවිලි සමුදාය මතුවීමත් සමග අතීත මතකයන් තුළ හටගත් තුවාල කැලැල් ඇයට දරාගතනොහැකි වේ.
සුනඛ ආර්යා කෘතිය පුරාම ඇත්තේ රංජීත්ගේ යෝධ සෙවනැල්ල යට දිවිගෙවු සිය බිරිද වු ප්‍රියා සහ ඔහුගේ ආදරවන්තිය වු නිම්මි ආදිත්‍යා යන දෙදෙනාගේ ජීවන පැවැත්ම තුළ රංජීත් නොමැති හිස්කමේ ඛේදවාචකයයි. රංජීත්ගේ මිතුරු ඇසුරේ සිටි සැමගේ ජීවිත රංජීත් නිසා බලපෑම් සහගත වු ආකාරයත් සුනඛ ආර්යා තුළ විචිත්‍රවත්ව දිගෙලි කරයි. ප්‍රිිියා හට රංජීත්ව කොතරම් දැනුණේද , ඇයට නිවාඩු දවස තුළ වත් සිය නිවස තුළ නොඉඳ , තම සේවා ස්ථානයට යෑමට සිත දෙන්නේ ඇය ගෙවන දරුණු හුදකලාවයි. ප්‍රිිිියාට තම වෘත්තිය ජීවිතයේ ඇතිවිය හැකි අභියෝග ගැනද නොසිතනවා නොවේ. වෙනස්වෙමින් යන සමාජ ක්‍රමය ඉදිරියේ ඇයගේ මෙම ස්ථාවරත්වය යම් සෙලවිමකට ලක්වන බව ඇය දනි. සුනඛ ඇසුරෙන් පමණක් යම් සහනයක් ලැබුණද අනෙකාගේ ජීවන පැවැත්ම සමගද සහසම්බන්ධතාවයක් නොමැතිව තම ඉදිරි ජීවන පැවැත්ම තුළ අර්ථයක් ගොඩනැගිමේ විරුද්ධාභාෂයක් ඇය තුළම ඇත. ඇය පමණක් නොව මිනිසුන්ගේ දෛනික ජීවිතවල සැලකි යුතු වෙනසක් නොමැති බව ඇය හොඳාකාරවම දනි.උදයෙන්ම බස් රථවල අපා දුක් විදිමින් රැකියා සඳහා ඒමත් නැවත එසේම නිවස බලා ඒමත් රෑ කාබී තම අඹු දරුවන් සමග ගත කොට නැවත චක්‍රයක් සේ ගෙවෙන අපුල දනවන ඒකාකාරි ජීවන විලාසය ඔවුන්ගේ ජීව්තයයි. ඊට වඩා දෙයක් ම් මිනිස් ජීවිත වල ඇති බව ඔවුන් නොදනි. එනමුත් පවතින සමාජ ක්‍රමය තුළ හොඳින් හෝ නරකින් සිය අරමුණු කරායෑම සැමගේ බලාපොරොත්තුවයි.
ඒ සඳහා ඇති නරුමවාදී සිතුවිලි අවශ්‍යය ඕනෑම විටකදී ඔවුන් තුළින් එළියට පනි. එයට ප්‍රතිපක්ෂව රංජීත්ලා වැනි වාමාංශික විභවයක් සහිත ඉංග්‍රීසි සමාජයේ දැඩි ශික්ෂණය ලත් මිනිසුන්ගේ සමාජ මැදිහත්වීම තුළ තිබු පැරණි ප්‍රබුද්ධ අර්ථය තව දුරටත් වලංගු නොවන බව රංජීත් මෙන්ම ප්‍රිිිියා ද හොදින් දැන උන්හ. ඒ මෙම නව කතාවේ සමකාළින සමාජයේ දේශපාලනමය සමාජීක සංස්කෘතික අංශයේ දරුණු කඩා වැටීමේ ශෝචනීය ඉරණමයි. මනුෂ්‍යය වර්ගයාගේ ඉරණම පිළිබඳව ඇතිවුනු කාංසාව තුළ තම ජීවිතය දියකර හැරිමේ උපන් වේදනාව ඔහු තුළ තිබනු බව ඇය දනි.
ප්රිිිියාගේ ද්‍රව්ඩ සම්භවය ඉදිරියේ වරෙක ඇය වඩ වඩා සිතන්නට පෙළඹේ. යාපනය පුස්තකාලය ගිනිලෑම, දැක්වෙන පිංතූර , බොරැල්ලේ කළු ජූලියට සම්බන්ධ පිංතූර දුටුවිට ඇය බයෙන් ත්‍රස්ත වේ. බොරැල්ලේ කළු ජූලිය සැමරීම දැක්වෙන දැන්වීමක් ඇය වේදනාත්මක කැලඹීමක අතරමං කරයි. විශාල ද්‍රවිඩ පවුල් ප්‍රමාණයක් ජීවත් වු බොරැල්ල , වැල්ලවත්ත වැනි නාගරික ප්‍රදේශ තුළ සිය සහෝදර වැසියන්ගේ අහිමි වූ ජීවිත , ඉතිරි අඩකගේ වරප්‍රසාද අහිමි කරමින් එකම රටක අවවරප්‍රසාදිිතයන් බවට පත්කිරිම ඉවසුම් නොදෙන්නක්. නැගීඑන එන සිංහල ස්වොත්මවාදයේ නග්න වියරුව , ප්‍රිිියා ගේ ජීවිතයේ අමතක කිරිමට උත්සාහගන්නා අකමැති පිංතූරය තව දුරටත් සමාජය තුළ හොල්මන් කරයි. නමුත් තව දුරටත් ප්‍රියා ජීවත්විය යුතුය ?
ස්වාධීන ඉංග්‍රීසි පුවත්පතක් වන නිව් මිරර් හි සේවයේ නියුතු ප්‍රිිියා තව දුරටත් සිය වෘත්තීය ජීව්තය තුළ රංජීත් මෙන් සිතන පතන මිනිසුන් නොමැති බවට ඉඟියක් ඇල්ස්ටන් රාමවික්‍රම ප්‍රදාන කතුවරයාගේ චරිතය තුළින් ගෙන ඒමට සමත්වේ. එසේම පුවත්පත් කලාවේ තිබු ආචාර ධර්ම වලින් පරිබාහිරව පවතින දේශපාලනීක ආධිපත්‍යයට යටත්ව වෙළඳපොළ බලවේගවලට තුළ අසරණ වන අන්දම තව දුරටත් ඇල්ස්ටන් සහ ඔහු අලුතින් බඳවා ගන්නා තරුණ පුවත්පත් කලාවේදීන් තුළින් ගෙනහැරපායි . ඇල්ස්ටන්ද ප්‍රියා තුළින් රංජීත්ව කියවාගැනිමට පෙලඹවීමෙන් සිය වෘත්තිමය පැවැත්මට අලුතින් යමක් එකතු කරගැනිමට අසමත්වේ.
තව දුරටත් පැරණි ප්‍රබුද්ධත්වයේ තිබු පුවත්පත් කලාවේ දිශානතිය වෙනස්වනු දැකිම ඇල්ස්ටන්ගේ අභිප්‍රායයි. ප්‍රිිියා එයට දක්වන අපුල නම්, රංජීත්ගේ සෙවණේ ඇය ලත් ජීව්ත පරිත්ඥානය සහ ඔහු තුල තිබුණු තියුණු සමාජ දේශපාලන කියවීමයි. තමාගේ ප්‍රියතම ලේඛකයා වු ආනන්ද සමරසේකර සිංහල ජාතිවාදය තුළ ගිලීගිය අන්දම දැක රංජීත් ඔහු හාස්‍යට ලක්කරමින් ලියු ලිපි නිසාත් සමරසේකරගේ සාහිත්‍ය සේවාව සිංහල ජාතිවාදය තුළ දියකර හැරිම නිසා ඉදිරියේ ලාංකිය සාහිතය සේවාවට දැවැන්ත චරිතයක් අහිමිවී ගිය අන්දම ප්‍රිිියා ද හොඳින් දැන සිටියාය. රංජීත්ගේ එවන් ව්වේචන අක්ෂයන් ගැන ඇල්ස්ටන් නොදන්නවා නොවේ.
තවද මෙම කෘතිය කියවන්නෙකුට විචිත්‍ර වර්ණනා කිරීම වලින් කෘතියේ චරිත වලට සහ ඊට අදාළ තියුණු සමාජ දේශපාන අලංකාරිත්වයක් සපයන්නට කතුවරයා සමත්ව තිබේ. කොළඹ නාගරීක අවකාශය තුළ ඇස ගැටෙන පෞරාණික ගොඩනැගිලි , ඉපැරණි මං මාවත් , නොයෙකුත් ප්‍රභූ නිවෙස්, සංස්කෘතික හමුවීම් ගොඩනංවන ස්ථාන කෘතියේ චරිතවල ජීවමාන ආස්ථානය රකින්නට අපමණ වෙහෙසක් දරාඇති ආකාරය කෘතිය කියවන්නෙකුට හමුවේ.
දිනෙන් දින නිරසවන ප්රිිිියාගේ වෘත්තීය ජීව්තයට කිසියම් හෝ පැවැත්මක සේයාවක් හමුවනුයේ තරුණ ආධුනික කිපදෙනෙක්ගේ පැමිණීමයි . ඒ අතරින් දිනේෂ් උදුල් සහ ෆරිඩාගේ සැගවුණු අභිලාෂයන් සහිත උන්නතිකාමී ජීවන පැවැත්මක් සඳහා පුවත්පත් කලාව යොදාගැනිමට පෙළඹීම තුළ ඔවුන්ගේ ජීවිතවල ස්වයං විනාශයත් , අස්ථාවරත්වයත් මත කල්තියා එහි අදුරු සෙවණැලි දකින විදේශීය අධ්‍යාපන ලත් පරිණත පුවත්පත් කලාවේදියකු වු මර්වින් මැතිවුස් නැවත විදේශ ගතවීමත් තුළ පැරණි ප්‍රබුද්ධත්වය මත ගොඩනගා තිබු පුවත්පත් කලාවේ දිශානතිය පශ්චාත් නූතනත්වය තුළ වෙළඳපොළ බලවේග මත දෝලනයවීමත් එය මෙහෙයවන්නන් සහ සේවය කරන්නන් අතර ඇති බුද්ධිමය සෝදාපාළුවත් , අතීතයේ එය මෙහෙයවු සුවිශාල මිනිසුන් වෙනුවට උන්නතිකාමී මිනිසාගේ පැම්ණීම සියල්ල අර්බුදයට ඇද දමා ඇති අන්දමත් දරුණු සංස්කෘතික සෝදාපාළුවත් එරික් ගෙන එන්නේ අප වැටී සිටින සමාජ දේශපාලන අර්බුදයේ දරුණු කඩාවැටීමක ශෝකාන්ත යයි.
Bushan Pradeep






