ගෑස් සම්බන්ධ අනතුරුවලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පිලිවෙතකට යා යුතුයි

පසුගිය කාලයේ සාමාන්‍යයෙන් වසරකට ගෑස් සම්බන්ධ අනතුරු සිදුවී ඇත්තේ දහයක් පමණ බව පුබුදු ජයගොඩ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ  ගතවුණු වසර පහ හයක කාලය තුළ  ගෑස්  සම්බන්ධ අනතුරු සිද්ධ වී ඇත්තේ අවම ප්‍රමාණයක් බවත් ගෙවුණු සතිය තුළ පමණක්  අනතුරු 5කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වී තිබීම ගෑස් වල සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව බරපතළ විදිහට සිතා බැලිය යුතු කරුණක් බව මෙම මාධ්‍ය හමුවේ දී ඔහු අවධාරණය කළා.

ඉතා වේගයෙන් සිද්ධවෙන මෙම අනතුරු සම්බන්ධව පරීක්ෂණයක් කර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කළ  යුතු බව පවසන ඔහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම ද සිද්ධ කරන බව ප්‍රකාශ කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී තමයි එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කරනු ලැබුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...