අවම පරිසාධන මට්ටමේවත් නැති ගල් අඟුරු ගොඩ බාලා

Date:

මේ තියෙන්නේ ලංකාවට ගොඩබාපු ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව.

එහි ඉතා පැහැදිලිව තිබෙන ආකාරයට මේ ගල් අඟුරු වල ප්‍රමිතිය තිබෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5600-5800 අතර..
ලංකාව ටෙන්ඩරය ලබා දෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900-6200 අතර ශක්‍තිය උත්පාදනය කරන ගල් අඟුරු සඳහා. මේ ගොඩබාන ලද තොගය අවම පරිසාධන මට්ටමේවත් නෑ. ගල් අඟුරු කිලෝ ග්‍රෑම් එකක් දහනය කලාම ලැබෙන ශක්තිය අඩුයි කියන්නේ අපට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිපදවා ගැනීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් ඕන කියන එක.

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු නිසා ගල් අඟුරු වැඩියෙන් මිලදී ගන්න වුණාම වැඩිපුර කරන්න යන වියදම රුපියල් කෝටි 750ක් වගේ කියලා දළ ගණන් බැලීම් වල පෙනෙනවා. ඒ පාඩුවත් විදුලි ගාස්තුවට එකතු කරලා ජනතාව මතම පටවන්න ඉඩ තිබෙනවා.

ට්‍රයිඩෙන්ට් කියන ඉන්දියානු සමාගම හොර වැඩ වලට නම් දරාපු සමාගමක්. මීට කලින් සහල් ආනයනය කිරීමේදීත් ප්‍රසම්පාදන කොන්දේසි කඩපු ලංකාවේ අසාදුලේඛනගත සමාගමක්. ඒ අත්දැකීම තිබියදීම ඇයි මේ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය දුන්නේ? ඇයි මේ සමාගමටම දෙන්න ටෙන්ඩර් කොන්දේසි වෙනස් කළේ? ඇයි විදුලිබල ඇමතිවරයා තමන්ගේම අමාත්‍යංශ රසායනාගාරය තුට්ටු දෙකට දාලා කතා කරමින් සමාගම ආරක්ෂා කරන්න යන්නේ?
රජයේ රසායනාගාර වාර්තා පිළිගන්න බැරිනම් ජාත්‍යන්තර රසායනාගාර වාර්තා එනතුරු දවස් කීපයක් බලමු. ඒකෙත් මේ බාල ප්‍රමිතියම ඔප්පු වුණොත් ආණ්ඩුව දූෂණවිරෝධී ක්‍රියාමාර්ග ලෙස කරන දේ ගැනත් අවධානයෙන් සිටිමු.

කොහොම වුණත් මේවායේ බර ජනතාව මත පටවන්න ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...