Breaking News

හරිණි අමරසුරිය පසුකරමින් සිටින්නේ, තැචරේයානු  අවස්ථාවක් ද ?

ආචාර්ය අරුණි සමරකෝන්

මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගෙමින් නැවත තහවුරු කිරීමට උත්සුක වන දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. එයට එම කියවීම වෙත වූ පසුබිම සකස්වීමේ මෙම ලිපිය ආරම්භ කරමි. ඉන් අනතුරුව , දෙවන අධියර ලෙස , එම දේශපලානයේ පුරුෂ මුලික ස්භාවය  ප්‍රකාශ කිරීම අරමුණු වන අතර, තෙවන අධියර ප්‍රතිසංස්කරණ සාකච්චා ව ඉදිරිය ගෙන යනු ලබයි  . එයින් පසු ලිපිය හමාර වන කොටසට එළඹේ.

මා  සම්බන්ධ ව සිටින එක්  උගැනුම් – ඉගැන්වීම අධ්‍යන උදෙසා වන කවයක දී , ඒක් ස්ත්‍රී පර්යේක්ෂිකාවක් , ශ්‍රී ලංකා බුද්ධාගම පාසල් අධ්‍යන පොතෙහි අඩංගු කරුණු වීකෘතියක් ලෙස විශාලව විග්‍රහා කරන ලදී. එහි දී ඇය , බුද්ධාගමේ අන්තර්ගතය පමණක් නොව, එහි භාෂා භාවිතය ද නිවැරදි නොවන බවත් , එහි වූ රූපක කෘතීම බුද්ධිය විසින් ජනයාය කර ඇති බවට  පැවසුවේ  කෘතීම බුද්ධි භාවිතය එක් ආකාරය පසු බෑමක් ලෙස පෙන්වා දෙමිනි.  හාස්‍ය වෙනුවෙන් ඔබ සමඟ මෙම කොටස බෙදා ගමි.

සිද්ධාර්ථ කුමාරයා අභිනිශ්ක්‍රමය කිරීමේ දී තරණය කරන ලද ගංගාව තෙමස් නදිය බවට මට පැවසුවේ , මාතර රාජ්‍ය විශ්ව විද්යාලක සිංහල සම්බන්දා ආචාර්ය උපාධිධාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ය තුමියෙකි. ඒම  තර්කනයේ ආරම්භය, සිද්ධාර්ථ කුමරු ගිහි ගෙය අත්හැර අභිනිශ්ක්‍රමණයේ දී කුමන නදිය තරණය කලේද යන එක කලෙක ගොඩනැගී, වර්ථමානයේ දී පවතින ප්‍රවාදයක් කේන්ද්‍රීවය . මා ජිවත් ව නොසිටි සහ , ජිවත් ව සිටියා ලෙස උපකල්පනය කරනු ලැබූ පසුවද ගෝලීය ව එම අවකාශයේ පැවතිය හැකි ද යන බුද්ධියට යටත්ව මා පැවසුවේ “බුද්ධාගම් අච්චු පොතේ කියවන ලෙස (කරුණු නිවැරදි හෝ නොමැතිව, භාෂාව පවසන ලෙස ), සිද්ධාර්ථ කුමරු නේරංජනා ව තරණය කර අනෝමා ගංගා තීරණය ට පැමිණි ” බවය. එයට තරයේ විරුද්ධ වූ ඇය අවසුවේ, “එය එක ගංගාවක් , වන අනෝමා ගංගාවේන් කුමරු එතෙර වූ බවය “.  එය සපථ කිරීමට ඇය බෞද්ධ භික්ෂුන් ගෙන් විමසු බවත්, මින් ඉදිරියට මාවෙත සුත්‍රය ද එවිය හැකි බව එම ස්ත්‍රී ගවේශිකාව විසින් දැනුම් දෙන ලදී.

මගේ එකම ප්‍රතිචාරයනම්, පාසල් අධ්‍යන පොත් හි අන්තරගතය විවේචනය කිරීමේ දී තව දුරටත් හේතු රහිත වීම සුදුසු බවය. මෙම විස්තරාත්මක පොත්  රචනා කිරීමේ දී , ඒවා පාරම්පරික ඥාන මිමංසා කේන්ද්‍රය ව මිස, පවතින              ව්‍යූහය කේන්ද්‍රීය ව රචානා නොවු හෙයින් වෙනස් වීම සංස්කරණ දුර්වලතා ලෙස නොව නව පරිකාල්පනිකයන් ලෙස මා විසින් සලකමි.  තරණය කල ගංගාව අසන්නට ජනන හෝ කන්ථක නොමැත. ඒ විට පැවති ගංගා වනේ පරිමාණය කිසිවෙකු ට මේ  මොහොතේ ජිවත් වන කිසිවෙන්කුට පාරම්පරික ඥාන මිමංසාව හරහා තීරණ කළ නොහැක්කේ, මිහිතයල කාලගුණ විපර්යාසයට නිරන්තරයෙන් ගොදුරු වන හෙයිනි. එවැනි පසුබිමක ආගමික පාසල් අධ්‍යන පොත් හි අන්තරගතය නව තාක්ෂනය යටතේ ලියවීම පිලිබඳ කලබයලට පත්විය යුතු ද ?

මේ පසුබිම මත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත මාගේ අවධානය යොමු විය. එම ප්‍රතිසංස්කරන අගමැති අචාර්ය හරිනි අමරසුරිය ව ගෙන එමිනි පවතිනුයේ තැචේරියානු අවස්ථා වක් වෙතද ?

1970 සිට 1990 දක්වා, එංගලන්ත අගමැතිව සිටි මාග්‍රට් තැචර් පැවසුගේ ජිවිත කතාවේ දී පවසනුඑක් කොටසක අදහස මෙලෙසය; “අගමැති ලෙස ට, කටයුතු කිරීමේ දී, සාමුහික පාලනය මාගේ තීරණ මත ම නොව සුදු මුතුපොට සහ මැදි සාය මත ද තීරණය විය “. තර්චර්  එංගලන්ත Conservative පාක්ෂයේ නායත්ව ට පත්වන 1975 වන විට ,ලෝක ප්‍රථම අගමැතිනිය  හට බලය අහිමි වෙමිනි පැවතුනි. ස්ත්‍රීන් ගේ දේශපාලාන නායකත්වය අහිමි කිර වින්දිධිත වීම යන කියවීම මගින් වර්තමාන ශ්‍රී ලංකා අගමැතිනිය වන හරිනි අමරසුරිය වෙත අනුකම්පා කිරීම අයදින දේශපාලනයක්  ප්‍රකාශනය කිරීම මාගේ කිසිදු අරමුණක් නොවේ. නමුත් ප්‍රතිසංකරන මගින් බල ධුරාවලින් සෙලවීම සහ නව බල අවකාශ ඇතිවීම, එම අවකාශ වෙත අන්තර්ගත වීම හෝ නොවීම හරහා ස්ත්‍රී නායකත්වය අභියෝගයට ලක්වන බව තිරලෙස පෙන්විය හැකිය.

අධ්‍යාපන ඇමතිනිය ලෙස 1970- 1974 දක්වා කාලය තුළ සේවයේ නිරත වූ තැචර් පෙර labour පක්ෂය විසින් පිහිටුවා තිබු 10/65 චක්‍රලේකය ඉවත්කරම නව පාසල් තලයක් ( comprehensivisation, ) පිහිටු වීමට උත්සුක විය. මෙම ක්‍රියාවලියේ දී , තැචර් කිසිදු සබ්න්ධිකරණයක් නොමැති ව තීරණ ගත් බවත දරුණු විවේචනයක් එල්ල විය.  තැචර් ඉදිරිය ට යමින් ඇයගේ ම නම ප්‍රතිපත්තියක් 10/70 චක්‍රලේකය ලෙස ස්ථාපිත කරන ලදී. මෙම ප්‍රතිපත්තිය අධ්‍යාපන  ආයතනික ව්‍යුහය වෙනස් කරන ලදී. 1971 දී Lord Rothschild යෝජනාවක් වූ වෙළඳපොළ බලපෑම් සහිත, ආණ්ඩු ප්‍රධාන ආශ්‍රිත පර්යේෂණ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තැචර් අනුබල දුන් අතර වෙළඳපොල බලපෑම් සහිත පර්යේශ පරිසරයක් ස්ථපිත කිරීම දැඩිව විවේචනය විය.

තැචර් ගේ ආර්ථික ප්‍රතිසංසකරණ, “තමන් විසින් ම තමන් ගේ  උදරය ජේදනය කරගෙන සිදුකරණ ජපන් සංස්ක්රුතියේ මිය යාමට ” සම කරනු ලැබුවේ, එම ප්‍රතිසංසකරණ මගින් රාජ්‍ය හකුළුවා, රාජ්‍ය සේවක වියදම කප්පාදු කරමින් , සුභාසධානය අවම වීම හේතුවෙනි. නමුත් තැචර් ගේ අනුප්‍රාප්තික LABOUR පක්ෂය , ලෝක බැංකු ප්‍රතිසංස්කරණ වෙත යමින්, ඉන්ද්ධන කෙන්ද්‍රිය් නිෂ්පාදන ආර්ථිකයක් වෙත එංගලන්තය රැගෙන යාමට උත්සුක වුවුද, රැකියා විරහිතභාවය, දර්ද්‍රතාවය සහ අසමානතාවය අවම කිරීමට අපෝසත් විය. එනයින් පෙනී යන්නේ, පවතින මෙම නව ලිබරල් වාදී ක්‍රමය වෙත හෝ එහි වන අධ්‍යාපනය වෙත හෝ ඒහි අන්තර්ගත සිද්ධාර්ථ කුමරු තරණය කළ ගඟ ගැන තර්ක කරමින් සිටින විට, ප්‍රතිසංස්කරණ මගින්, පොදු ජනයා හට උදරය ජේදනය කිරීම හැර වෙන තෝරා ගැනීමක් නොමැති බවට පෙනිවා දීමය.

මුතු හෝ සාය නොමැති වුවද , අචාර්ය හරිනි අමරසුරිය ද තවත් එක් තැචර් කෙනෙකි.  ගාල්ලේ අමරසුරිය පාසැල ඉදිකරන ඇයගේ පරම්පාරාව කියා පාන්නේ, පවතින ආර්ථිකයේ නිෂ්පාදනයේ අතිරික්තය වෙත ඇය අයත් පවුලේ හිමිකමය. ඇය වැඩකරන පංතිය නියෝජනය කරන ස්ත්‍රිය නොව, තැචර් වැනිම, වැඩකරන පන්තිය බේරා ගැනීම වෙන්වුවෙන්,”උණුසුම හෝ අහාර ” (Heat or eat ) වරණය ලබා දෙන පංතිය නියෝජනය ස්ත්‍රියකි. නමුත් ඇය ට ද තැචර් මෙන්ම මුතු හෝ සාය  පැළඳීම ට බලකරන පරිසරය අප ප්‍රතික්ෂේප කළ යුතුය. එබ බලකිරීමේ ඇරඹුම , පිතෘ මුලික සමාජ ක්‍රමය වේ.

මෙය ලිපියේ තෙවන කොටස වන අධ්‍යාපන ප්‍රතිසංසකරණ වෙනුවෙන් ඉදිරියට එමින් පවතින විවේචන සමඟ සම්බන්ද වේ. මගේ ප්‍රථම විවේචනය නම්, නව ප්‍රතිසංස්කරණ මගින් හදුන්වා දෙන නව අධ්‍යාපන වැඩ කොටස කාහට පැවරේ ද? එම වැඩ කොටස ඉටු කිරීමේ දී වන ශ්‍රමය වෙත නව ආර්ථික පිළිගැනීමක් රජය විසින් ලබා දේ ද? එසේම එම නව වැඩ කොටස වෙනුවෙන් අවශ්‍ය වන මානව සම්පත ට අමතරව යටිතල පහසුකම් සැපයේ ද ? එම පසුකම් නොමැති පසුබිකම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේද ? තැචර් ඉතිහාසයේ දී අසාර්ථක වූ එහෙත් වර්තමානයේ දී හරිනි ට සාර්ථක විය හැකි කොටස නම් මෙම මානව සහ පාරිසරික සම්පත් සපයා ගැනීම ප්‍රායෝගික තහවුරු කිරීමෙනි.

සිද්ධාර්ත තරණය කළ ගංගා ව නිශ්චිත කිරීම ට වඩා , පංතිකාමරය තුළට දරුවා / දැරිය -හිතැති තාක්ෂනය ගෙන එම වෙනුවෙන් අවධානය යොමු විය යුතුය. එවිට තරණ කළ ගංගාව පමණක් නොව, එය තේම්ස් නදී යේ පිහිටීම ද දරු- දැරියන් ට හඳුනා ගත හැකිය.

ලිපිය හමාර කිරීමට මෙසේ ලියා තබමි.  මේ නවලිබරල් ව්‍යුහය ක්‍රමික ව කෘතීම බුද්ධි විපල්වය වෙත ඇදී යමින් පවතී. එවැනි පසු බිමක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කිරීමේ දී කෘතීම බුද්ධියේ භාවිතාව පරමිතිකයක් ලෙස යොදා ගත හැකිද ? එසේ යොදා ගන්නා බල නියෝජනයේ විඥානය, මා පිරික්සනුයේ, බියෙන් තැති ගත් ස්ථානයක් ලෙසය. මන්ද, කෘතීම බුද්ධි භාවිතය මඟින් , සම්ප්‍රධායික බුද්ධි බල ධුරාවලින් බිඳ වැටෙමින් පවතින හෙයිනි. මෙම සම්ප්‍රධායික බුද්ධි බල ධුරාවලි හිමි පුද්ගල නියෝජන, පෙර දිනක, විවිධ විශ්ව විද්‍යාලයන් ගේ දෙපාර්තමේන්තු ප්‍රධානින් තමන්ගේ නිවසේ ඉහල මාහල වෙත ගෙන්වා , විශ්ව විද්‍යල වෙත බඳවා ගැනීම් වෙනුවෙන් බලහත්කාරයෙන් මැදිහත් වී තිබේ. ඒ එම සම්ප්‍රධායික බල ධුරාවලින් විසින් හඳුනා ගත් , සහ තීරණය කළ හැකියා සහිත ස්ත්‍රී / පුරුෂයන් විශ්ව විද්‍යාල වෙත බඳවා ගන්නා ලෙසය. එවැනි පරිසරයක් හිමි, නියෝජනයන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත ගෙන එන ලබන විවේචන යන්ගේ සුජාත බාවය ප්‍රශ්න කිරීම මගේ අරමුණ නොවුනත්, එම ඉතිහාසය අමත කර විවේචන වෙත අවධානය යොමුකිරීමට තරම් මා අඥාන නොවේ.

leave a reply