අද ආණ්ඩුවේ බියගුළු කම ප්‍රදර්ශනය කළා

ඇමෙරිකා ඒක්සත් ජනපද පොලිසිය විසින් කලු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙලසිර කර මරා දැමීමට එරෙහිව ලෝකය පුරා ප්‍රගතිශීලී ජනතාව උද්ඝෝෂණය කරමින් සිටී. මේ ප්‍රජාතන්ත්‍රවිරෝධීත්වයට එරෙහි උද්ඝෝෂණවලට සහය දැක්වීමක් ලෙස 2020 ජුනි 09 (අද) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට පොලිසිය විසින් ම්ලේච්ඡ ලෙස සිදුකර පහරදීම හා ඉන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී සිදුකළ උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර මේ සඳහා පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා මධ්‍යම කාරක සභිකයින් වන හේමමාලි අබේරත්න සහෝදරිය හා සංජීව බණ්ඩාර සහෝදරයා ද සහභාගි විය.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...