1955 ජුනි 05 වන දා ජාන්නි රොදාරි විසින් සංස්කරණය කරන ලද පුරෝගාමියා සඟරාවේ 23 වන කලාපයේ “දරුවාගේ ප්‍රකාශය” නම් කාව්‍ය මුල් වරට ප්‍රකාශයට පත් විය . මෙම කාව්‍ය මුල්වරට පුරෝගාමියා සඟරාවේ පල වන විට කවිය සඳහා බාවිතා කලේ “දරුවාගේ පාර්ලිමේන්තු සංවාදය” යන නමයි.
පාර්ලිමේන්තු නියෝජනය කරනා,
මහත්වරුනි ජනාධිපතිවරුනි
එක් වරක් වසා දමන්න
පාර්ලිමේන්තු නීති පොත්
පසුව කතා කරන්න දෙන්න මගේ දරුවාට
ඔබ තේරුම් ගැනීමට වෙර දරන්න
ඔහු කියන්න උත්සාහ කරන දේ
- බබා, බොබෝ, බිබී –
ඔහුගේ ජාත්‍යන්තර අමුතු බස
ඔබත් දවසක කතා කළ භාෂාව
දරුවාගේ කතාව ස්වභාවිකයි.
මිහිමතට පැමිණි පසු
ඔහු මේ කරන පළමු කතාව.
රාජ්‍ය තාන්ත්‍රික කතා තරම්
අලංකාර නැහැ දරුවාගේ භාෂාවේ.
එත් කතාව බොහොම වැදගත්
(අවධානයෙන් ඉන්න
ඔහු කතාව අරම්බකලා)
- තා තා… ති… තී… තු … තූ –
හරියට ම පැහැදිලි ද?
එහි තේරුම: «යුද්ධය,
කවම දාකවත් කළ යුත්තක් නොවේ »
ඒ තමයි දරුවාගේ අදහස
(සෑම අංශයකින්ම අත්පොළසන්)
- බෝ… බෝ… බීයි… බීයි –
« මහත්වරුනි, එහි තේරුම මෙයයි»
චුට්ටක් උත්සහ කරන්න
සුරංගනා කතා විශ්වාස කරන්න
උවමනාවක් වේනම්
ඒවා සත්‍ය බවට පත්වේ
මහළු මැජික්කාරියන්ට තිබුණේ
දිරාපත් මැජික් යෂ්ටි පමණයි.
එහෙත් ඔබ එසේ නෙමෙයි
ඊට වෙනස් ගුණයන් පවතී
කාන්තාර මත අත තබන්න
ඒවා උද්‍යාන බවට පත්වෙයි
ඔබගේ මැජික් වචනයෙන්
මහා නගර අහස උසට බිහිවෙයි
එමෙන්ම යහපත් වචනයෙන්
සතුටේ දොරටු විවර වනු ඇත .
(උද්වේගකර අත් පොළොසන් නාද මැද
එහෙ මෙහේ විරෝධතා කිහිපයක් )
වඩාත් ධනවතුන් හිතුවා
ඔහු කතා කරන්නේ
බදු වැඩි කිරීමක් ගැන කියා
- ම.. මා … ම… මා –
ඒ ඔහු මව ආමන්ත්‍රණය කළා නොව
ළදරු බසින් ප්‍රකාශ කලේ
“නිදහස දිගුකල් දිනේවා!
වසන්තය දිගුකල් පවතීවායි .
දේශසීමාවකින් දේශසීමාවකට
නිදහසේ ගමන් කළ පසු
ගමන් බලපත් නොමැතිව
*චික්ලමීණි සහ *මුගෙත්ති
*ප්‍රීමුලේ සිය පිරිවර සමඟ
නම්ද වෙනස් කර ගනිති
සංක්‍රමණිකයෝද වෙති.
එනමුත් ඔබ දන්නවද?
ලොව ඇති සියලු මල්
සහෝදරයන් බව
ප්‍රාණවත් අත්පොළසන් නාදයක්
(කුඩා කෙඳිරිලි හඬක් මැදින් මිමිනුමක්)
“මේවා කැරලිකාර කතා “
දේශනය අවසානයි .
දරුවාට දැන් අවශ්‍යයි සෙල්ලම් කරන්න
නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න
ඔහු කැමති කහ ලොම් අශ්වයා සමඟ.
ඔහුගේ වචන වලට ඉඩ දෙන්න
ඉර පායන හැම ලෝකයේම
නීතියක් බවට පත් වන්න.
හිල්මිසුපුන් | තරුෂපෙරේරා
චිත්‍රය – තරුෂ පෙරේරා
- ප්‍රීමුලේ, මුගෙත්ති , චික්ලමිණි වසන්ත සමයේ ආරම්භයේම යුරෝපා පොළොව මත පිපෙන මල් විශේෂ තුනකි.