Breaking News

ගෘහස්ථ හිංසනය ඉහළ යන්නේ ධනවාදය නිර්මාණය කළ “ඒකල මිනිසා” මානසිකත්වය නිසයි

ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන් නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි.

ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි.

ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය. ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන් කළේය.

”ඇඳිරිනීති කාල සීමාවේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාත්මකව අඩුවී ඇතත් එහි ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. ” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ළමා උපකාරක සේවාවේ 1929 හදිසි ඇමතුම් අංකයටය. එමෙන්ම වෙනත් දුරකථන මාර්ග ඔස්සේ ද ෆැක්ස් පණිවිඩ මගින් ද පැමිණිලි ලැබී තිබේ.මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩිදුරටත් පවසා ඇත්තේ

”ළමා අපයෝජනයන් සිදු කරන්නේ දරුවා හඳුනන අය වන දෙමාපියන්, වැඩිහිටියන් සහ දරුවන්ට රැකවරණය ලබාදෙන අය විසින්මයි.”

පසුගියදා කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනී පුෂ්පා රම්‍යා සොයිසා පැවසුවේ කොළඹ ජාතික රෝහලට පැමිණෙන හදිසි අනතුරු රෝගීන් අතර ගෘහස්ථ හිංසනයට ලක්වූ කාන්තාවන්ද වැඩිපුර සිටින බවයි.

සහෝදර ජනතාවට සහන සලසන්න අන්තරෙන් ‘සහෝදර පියාපත්’

කොරෝනා වෛරස හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහයක් වීම සඳහා ආහාර සලාකයක් ලබාදීමේ අරමුණෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ‘සහෝදර පියාපත්’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය වියලි අහාර ද්‍රවය ලබාදෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


ආහාර ද්‍රවය ලබාදීම සඳහා පහත අංකවලින් සම්බන්ධ විය හැකියි.

මාතර – ඉන්දික (රුහුණ ම.ශි.ස ලේකම්) 0711247842

ගාල්ල – වෙරංග (රුහුණ ම.ශි.ස සභාපති) 0778038658
ලක්ෂාන් (පේරාදෙණිය ම.ශි.ස සභාපති) 0717488653

රත්නපුර – හර්ෂ (විවෘත විශ්වවිද්‍යාලයීය ම.ශි.ස සභාපති) 0718906471

බදුල්ල – පියනන්ද හිමි (ජපුර භික්ෂු සංගමයේ සභාපති) 0755973379

මහනුවර – කසුන් (වයඹ ම.ශි.ස සභාපති) 0711497956

කෑගල්ල – කෝසල (කැලණිය ම.ශි.ස උපසභාපති) 0710199526

ගම්පහ – ඉරෝෂ් (රජරට ම.ශි.ස සභාපති) 0719746911

අම්පාර – නුවන් (ජපුර ම.ශි.ස සභාපති) 0710310720

leave a reply