වාහන ආනයනයට ඩොලර් කෝටි 157ක ණයවර ලිපිවිවෘත කරලා

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න පවසා තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි.

එහිදී ඇය කියා සිටියේ, මෙම වසර සඳහා වාහන ආනයනයෙන් රුපියල් කෝටි 46,000ක අදායමක් අපේක්ෂා කළද, එය රුපියල් කෝටි 70,000ක් දක්වා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවයි.

මෙතරම් විශාල වාහන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවද ඇය පවසා ඇත.

මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇති බවද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ, මෙම වසර තුළ සංචාරකයන් ලක්ෂ 25ත් අතර සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇති බවයි.

එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර් කෝටි 350ක් වේ.

වාහන අනයනයේ ආදායම වැඩිවී තිබුනද අපේ රටට ගෙවීමට සිදුවන්නේ ඩොලර්වලින් වන බැවින් එය අපේ සංචිත සඳහා කරන අහිතකර බලපෑම වැළක්විය නොහැක.

මේ පිළිබඳ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවමින් සිටියි. වාහන ආනයනය යම් කාලයකට නවතා දැමුවේද සංචිත ආරක්ෂා කර ගැනීම සඳහායි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...