වාහන ආනයනයට ඩොලර් කෝටි 157ක ණයවර ලිපිවිවෘත කරලා

වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි සැප්තැම්බර් 16 වනදා වන විට විවෘත කර ඇති බව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න පවසා තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි.

එහිදී ඇය කියා සිටියේ, මෙම වසර සඳහා වාහන ආනයනයෙන් රුපියල් කෝටි 46,000ක අදායමක් අපේක්ෂා කළද, එය රුපියල් කෝටි 70,000ක් දක්වා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවයි.

මෙතරම් විශාල වාහන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවද ඇය පවසා ඇත.

මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇති බවද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන්නේ, මෙම වසර තුළ සංචාරකයන් ලක්ෂ 25ත් අතර සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇති බවයි.

එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර් කෝටි 350ක් වේ.

වාහන අනයනයේ ආදායම වැඩිවී තිබුනද අපේ රටට ගෙවීමට සිදුවන්නේ ඩොලර්වලින් වන බැවින් එය අපේ සංචිත සඳහා කරන අහිතකර බලපෑම වැළක්විය නොහැක.

මේ පිළිබඳ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවමින් සිටියි. වාහන ආනයනය යම් කාලයකට නවතා දැමුවේද සංචිත ආරක්ෂා කර ගැනීම සඳහායි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...