“ප්‍රජාශක්ති” හෙවත් උගුරට හොරා බෙහෙත් කෑම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනතුරු අඟවා ඇති පරිදි , 2023 දී අවසන් වරට ගණනය කරන ලද කාලයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහමය ණය අර්බුදය තීව්‍ර වී තිබේ.

මහ බැංකුවේ ප්‍රධාන මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කිරීමේ උත්සවය අමතමින් UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා මේ පිළිබද සඳහන්. ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය දෑ සඳහා තිරසාර නොවන ණය ගැනීම් හේතුවෙන් ජනගහනයෙන් සියයට 33.4 ක් දැනටමත් බලපෑමට ලක්ව ඇති බව ඇය පවසයි.

මේ කියන දත්ත අනුව රටේ බොහොමයක් ජනතාවට ප්‍රධාන අවශ්‍යතා පවා සපුරා ගැනීමට සිදුව ඇත්තේ ණය වීම හරහායි. එයට හේතුව ලැබෙන ආදායමෙන් එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමයි.

එසේනම් එම අවශ්‍යතා සපුරා ගැනීමට හැකි මට්ටමකට භාණ්ඩ හා සේවා මිල අඩුවීම සිදුකළ යුතු ප්‍රමුඛ දෙයක් ලෙස පවතියි. ඒ සඳහා බදු අඩුවිය යුතුය. අත්‍යවශ්‍ය සේවා සහන මිලට ජනතාවට ලැබිය යුතු වේ. නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ආණ්ඩුව උනන්දු වෙන බවක් නොපෙනේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා “ප්‍රජාශක්ති” නම් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට බව කියමින් ජාතික වැඩසටහනක් ආරම්භ කරමින් පැවසුවේ රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බවයි.

ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ගලායාම සඳහා කළ හැකි හොඳම දෙය වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත ක්‍රියාත්මක බදු අඩු කිරීමයි. එසේ නොමැතිව ග්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බව කීම උගුරට හොරා බෙහෙත් කෑමකි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...