නමට පමණක් අඩුවූ බස් ගාස්තුව

බස් ගාස්තු අඩු විම ඊයේ (04 වැනි) සිට සිදුවන අතර මේ අනුව අවම බස් ගාස්තුව හැර එතැන්පටන් ගාස්තු සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු විම සිදුවේ

වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජූලි මස 01 දින ප්‍රකාශයට පත් කළ යුතු වන අතර 30 වන දින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවිම නිසා බස් ගාස්තුව ක්‍රියාත්මක කිරිම අද සිට සිදුකරන බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.

මේ අනුව අද උදේ 00.01 පැයේ සිට පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස්රථ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව / පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් නිකුත් කළ වලංගු මගීසේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වල දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු වන බවද පෙන්වා දෙයි.

නමුත් මේ බස් ගාස්තු අඩුවීම හරහා මගීන්ට කිසිදු වාසියක් සිදු නොවේ.

නව ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම තෙවන බස් ගාස්තු අවස්ථාව වන රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සඳහන් වේ.

ඒ අනුව රුපියල් 56, 77, 87, 117,136 සහ 141 ඇතුළු ගාස්තු අවස්ථා කිහිපයක් රුපියලකින් අඩුවන බව සදහන් වේ.

ඊට අමතරව අනෙකුත් සෙසු ගාස්තු අවස්ථා රුපියල් 02කින් සහ 03කින් අඩුවනු ඇත.

රටේ එදිනෙදා බස් රථවල ගමන් කරන පිරිස් අයත්වන්නේ අවම බස් ගාස්තු ඛාන්ඩයට සහ මැදි කොටසටයි. ඒ අනුව බස් ගාස්තු අඩුවීමක් රටේ බහුතර ජනතාවට අදාළව සිදු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...