රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස අපරාධ චෝදනා නැගිය හැකි සාක්ෂි සහිත තොරතුරු ඉතිරිව පවතියි. බටලන්ද වධ කඳවුරක් පවත්වාගෙන යාම ඉන් එකකි. ඊට අමතරව මහ බැංකු වංචාව, කෙහෙළියගේ ඖෂධ වංචා වැනි සිද්ධි රැසක් සම්බන්ධයෙන් චෝදනා ඔහුට විරුද්ධව පවතියි.

මේ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම පසෙක තබා දැන් ආණ්ඩුව සූදානම් වෙන්නේ දූෂණ වංචා සිදුවීමට පමණක් ඔහුව කොටු කිරීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...