ලංකා ගුරු සංගමයෙන් හරිනිට දොස්

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කර තිබේ.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ, පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන අධ්‍යාපන අමාත්‍යවරිය නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් ක්‍රියාත්මක වන බවයි.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

මේ අතර ගුරුවරුන්ගේ උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...