සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 9000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ දක්වා මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන 9081ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

අද දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු ආසාදිතයින් 202 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් 211 දෙනා ගෙන් 140 දෙනෙකු මේ වන විට නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලින් වාර්තාවී ඇත.

මේ වන විට ආසාදිතයින් 4987ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5607ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...