සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 9000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ දක්වා මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන 9081ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

අද දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු ආසාදිතයින් 202 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් 211 දෙනා ගෙන් 140 දෙනෙකු මේ වන විට නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලින් වාර්තාවී ඇත.

මේ වන විට ආසාදිතයින් 4987ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5607ක් දක්වා ඉහළ ගොස් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...