ආණ්ඩුවෙන් ආණ්ඩුවට අලුතෙන් විවෘත්වෙන වාලච්චේන කඩදාසි කම්හල

Date:

වාලච්චේනේ කඩදාසි කම්මල නැවතත් විවෘත කිරීම ගැන කතා බහක් ඇතිව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන බොහෝ දෙනෙක් පවසන්නේ ආණ්ඩුවක් බලයට පත්වන මොහොතක් මොහොතක් පාසා මෙය විවෘත කිරීම විහිළුවක් බවයි.

කාලයක් වසා දමා තිබූ කම්මල පසුගිය ආන්ඩුවේ විමල් වීරවංශ විසින් හෙණ අඬබෙරයක් ගසා නැවත විවෘත කර තිබුණි. නැවත සුනිල් හඳුන්නේත්ති විසින් විවෘත කළ බව පවසන්නේ එය නැවතත් වසා දමා තිබීම නිසා විය හැක.

තතු දත් අය පවසන්නේ මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ කිසිම වාසියක් නැති බවයි. එයට හේතුව මෙහි ඇත්තේ ඉතා පරණ නිශ්පාදන යන්ත්‍ර වීමයි.

එසේම දැන් ඒවායින් කල හැක්කේ පරණ කඩදාසි ප්‍රතිචක්‍රියකරණය කර අලුත් කඩදාසි නිපදවීම පමණි. අලුත් යන්ත්‍රවලින් නිපදවන කඩදාසි තරම් මෙහි නිපදවන කඩදාසිවල නිමාව යහපත් නොවන බවද පැවසේ.

එසේම නව කඩදාසි නිපදවීමට කම්හලට අවශ්‍ය පරණ කඩදාසි සොයාගන්නේ කොළඹ පිහිටි රජයේ ආයතන වලිනි. එහිදී විශාල ප්‍රවාහන වියදමක් දරා පරණ කඩදාසි වාලච්චේනට රැගෙන යාම සිදුවන අතර නිශ්පාදිත කඩදාසි නැවත විශාල වියඳමක් දරා නැවත කොළඹට රැගෙන එම සිදුවන බව පැවසේ.

එසේම මෙම කඩදාසි ගුණාත්මක තත්ත්වයෙන් අඩුවීම නිසා ඒවා අලෙවි කිරීමට වන්නේද රජයෙ ආයතනවලට පමණක් බව පැවසේ.

දේශීය කර්මාන්ත නගා සිටුවන්න යයි පවසමින් මෙවැනි කිසිදු වැඩකට නැති දේවල් පාඩු පිට පවත්වාගෙන යාම තේරුමක් නැති බවද සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ දෙනෙකුගේ අදහස් වි තිබේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...