වසර බිලියන 16 ක ස්වාභාවික ඉතිහාසයක් ඇති ලෝකය 1815 වන විට යුරෝපය මුල් කරගත් කාර්මිකකරණ නගර තුළ එහි තිබූ සම්පත් විශාල වශයෙන් නිෂ්පාදනයන්ට යොමු වන්නට විය.1815 යුරෝපයෙන් ආරම්භ වන ආර්ථිකය ලෝකයට කියා සිටියේ ස්වාභාවික සම්පත් හා එහි ලැබෙන සේවාවන් නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගතහොත් ඒවා තුළින් ආර්ථික වාසි ලබා ගත හැකි බවයි.
ජෝන් කැල්වින්,මාර්ටින් ලූතර් ප්‍රොසෙස්තන්ත්‍ර ආචාරධර්මයක් ලෙස දෙවියන් වහන්සේ ළඟට ඉක්මනින් යාම සඳහා සොබාදහම භාණ්ඩ හෝ සේවාවන් බවට පත්කර එම භාණ්ඩ විකුණා ලාභ ලැබීමත් එම එන ලාභය තමන් තුළ ගොඩගසා ගැනීමත් යන කරුණු තුළින් ආර්ථික සංවර්ධන ඉලක්කයන් ලඟා කරගැනීම උදෙසා යුරෝපය පෙලඹුන අතර එම ආර්ථික දියුණුව මැනින ඒකකයන් ද පෙර කාලයේ සිටම නිර්මාණය කර තිබුණි.ඒ අනුව යුරෝපයෙන් ආරම්භ වූ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය දේශසීමා ඉක්මවන ක්‍රියාවලියක් බවට පත් වූ අතර එය දේශසීමා ජයගත් සංකල්පයක් බවටද පත් වුණි.යුරෝපයෙන් ආරම්භ වුවත් පසුකාලීනව මුලු ලෝකය පුරාම සංවර්ධන සංකල්පයක් ලෙස මෙම ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ව්‍යාප්ත වූ අතර 2019 වසර වන විට එය කොතරම් ප්‍රබල වූ වේද යත් ලෝකයේ තිබූ ස්වාභාවික සම්පත් වලින් හතරෙන් දෙකකට(2/4 )වැඩි කොටසක් තමන්ගේ නිෂ්පාදන භාණ්ඩ බවට පත් කර ගැනීමට හැකි විය.ස්වාභාවික වෙළදාමේ ඉතිහාසය ලියමින් ජෝන් ඊට්ස් දෙන නිර්වචනය නම් “ආර්ථික විද්‍යාව යනු කපා ඉවත් නොකරන ලද ගස් වැල් හා කඩා ඉවත් නොකරන ලද පාංශු කොටස් භාණ්ඩ බවට පත් කිරීම”යැයි ඔහු විසින් කියන ලදි.එය ජෝන් ඊට්ස්ගේ මතය පමණක් නොව මේ ආර්ථික සංවර්ධනයේ පොදු මූලය න්‍යාය ධර්මය බවට පත් වේ.
ඒ අනුව මුලු ලෝකයම තමන්ගේ ස්වාභාවික ජීවන රටාව වෙනස් කර වසර බිලියන 16 ඉතිහාසයක් ඇති සොබාදහමේ සියලු සම්පත් වසර 205 පමණ ඇතුළත හරි අඩකටත් වැඩි කොටසක් විනාශ කර දැමීමට හැකි විය නමුත් අද වන විට එහි ප්‍රතිඵල සමස්ථ ජන සමාජයටම සහ සොබාදහමටම නැවත පැමිණ ඇත.සුළි සුළං,ගංවතුර ,භූමිකම්පා,සුනාමි වැනි තත්වයන් වලින් සිදු වන විනාසයන් මෙයට හොඳම උදාහරණයක් වන අතර සාර්ස්,ඉබොලා,කොරෝනා වැනි වෛරස ද සොබාදහමේ සමතුලිතතාවය විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ලෝකයට පැමිණ ඇත. දේශගුණික විපර්යාස නිසා සමස්ත ලෝකයේම දැවැන්ත විනාශයක් පසුගිය අවුරුදු කිහිපය තුළ සිදු වී ඇති අතර ලෝකයේ අදවන විට සත්ව ශාක විශාල ප්‍රමාණයක් දැවැන්ත ඝාතනයකට විනාශයකට ලක් වී මේ ලෝකයෙන් සමුගෙන ඇත.
පෙර කියූ පරිදි ලොව ඇති ඉහළම වටිනාකමින් යුත් සදාචාර සම්පන්න මානාව ක්‍රියාවලිය ආර්ථික දියුණුව ලබා ගැනීම යන මතය මෙම අවුරුදු 205 තුළ ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට ධනවාදී ආර්ථික ක්‍රියාවලියට හැකි වී ඇති අතර පෙර කියූ පරිදි එය මනින ඒකකයන් ද නිර්මාණය කරන ලදි. ඒ අනුව දළ දේශීය නිෂ්පාදනය ( GDP ) කියා සිටින්නේ දියුණු ජන සමාජයක් දියුණු පුද්ගලයෙක් රටක් දියුණු වේනම් එය මැනිය හැකි ඒකකය නම් දළ දේශීය නිෂ්පාදනය (GDP) ලෙසයි. ඒ අනුව තමන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩය හෝ සේවාව විකුණා එයින් ආර්ථික ලාභයක් ලබන්නේ නම් එම පුද්ගලයා හෝ සමාජය දියුණු ආර්ථිකයට හිමිකම් කියන සාමජයක් හෝ පුද්ගලයෙක් ලෙස ගැනේ. යමෙක් නිෂ්පාදනය කරන භාණ්ඩ ආහාර හෝ අනෙක් ද්‍රව්‍ය තමාව භුක්ති විදින්නේ නම් ඔහු හෝ එම රට සමාජය නොදියුණු සමාජයක් ලෙස ගණන් ගැනීමට GDP විසින් නිර්ණායකය නිකුත් කරන ලදි. එයට හේතුව දළ දේශීය නිෂ්පාදනට තමන් ආහාර ගන්නා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය මැනිය නොහැකි වීමයි. මේ අනුව ලෝකයේ නොදියුණු සමාජ ලෙස බොහෝ විට නම් කරනු ලැබුවේ ස්වයංපෝෂිත ආර්ථිකයක් හිමි බෙදාහදාා ගැනීමට උරුමකම් කී ජනතාව පුද්ගලයන් හා ඒ ජන කණඩායම් ය.
ඒ අනුව ආර්ථික වශයෙන් දියුණු යැයි සම්මත සියලුම ප්‍රදේශ පුද්ගලයන් හා රාජ්‍ය කේන්ද්‍ර ගත ආර්ථිකයකට ඇඳ බැද තබා ගන්නා ලද අතර ඔවුන් සංවර්ධනය වූ පිරිස් ලෙස නාමකරණය කරන ලදි. ඒ අනුව ලෝකය පුරා මේ සංවර්ධන සංකල්පය ආර්ථික සංවර්ධනය,භෞතික සංවර්ධනය යන විවිධ නම් වලින් ආවත් සිදුවූයේ එකම දේ ය. ඒ අනුව නම් ස්වයංපෝෂිත ආර්ථිකයන් ලෝකය තුළින් අතුගා දමමින් යැපුම් ආර්ථික ක්‍රමයක් වෙත ලෝකය පරිවර්තනය කරමින් ලෝකයේ ස්වාභාවික සම්පත් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා ක්‍රමවේදය බවට පත් කිරීමයි. වරක් ගාන්ධි කියූ පරිදි “ලෝකයේ ඇති සම්පත් මිනිස්සුන්ට ජීවත් වීමට ඇති නමුත් ඔවුන්ගේ තෘශ්ණාව නැති කිරීමට මේ සම්පත් ප්‍රමාණවත් නොවේ” යනුවෙනි. කෙසේ වෙතත් මෙම සත්‍ය තවදුරටත් තහවුරු කරමින් මිනිසුන්ගේ ආර්ථික දියුණුවත් සමඟම තිබූ පොදු දේපල පෞද්ගලික දේපල බවට පත් වූයෙන් තම තමන්ගේ පෞද්ගලික දේපල වැඩි කර ගැනීමේ මානව සංහතියේ සහ ආර්ථික ක්‍රමයේ ඇති තෘශ්ණාව නිසා සමස්ත ලෝකයේ ජනතාවට මෙන්ම අනෙකුත් ලෝකයේ සතුන්ට ද ජීවත් වීමට තිබූ අයිතිය විනාශ කර දමන ලදි. ඒ අනුව පුරාණ සමාජ වල තිබූ මූලික අයිතිය නම් සියලු සත්වයන් උදෙසා සියල්ල නැතහොත් ලෝකා සමස්ථාහ සුකිනෝ භවන්තු යන පදයෙන් නිරුක්ත වන්නේ ද එයයි. එනම් සියලු සත්වයෝ වෙනුවෙන් සියල්ල යන පොදු කාරණයයි.නමුත් එම මූලික පදනම විනාශ කර දැමූ මෙම ආර්ථිකය හා මානව සංහතිය අදවන විට දැවැන්ත අභියෝග වලට මුහුණ පා ඇත.උදාහරණයක් ලෙස කොරෝනා (covid 19)වෛරස ව්‍යාප්ත වීම අපිට මේ දිනවල ගත හැකි හොඳම උදාහරණයයි. ඉතාලිය,ප්‍රංශය ජර්මනිය,චීනය ඇතුලු ලෝකයේ දියුණුතම රටවල අධික වේගයෙන් කොරෝනා (covid 19 ) වෛරස ව්‍යාප්ත සිදු වෙමින් ඇත.එමෙන්ම මේ වන විට ලෝකයේ දියුණුම රට ලෙස හැදින්වෙන ඇමරිකාව තුළ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇති අතර මුලු යුරෝපය සහ ඇමරිකාව ගත් කල වැඩිම මරණ වාර්තා වී ඇත්තේ එම අහිමහත් ආර්ථික දියුණුව භෞතික දියුණුව තිබූ සමාජ වලය. ලෝකයේ දෙවැනියට සෞඛ්‍ය අංශයෙන් දියුණු ඇතැයි සලකන ඉතාලියේ මරණ 5000 සිදු වී ඇතැයි සලකන අතර මේ කියූ සංවර්ධනයේ ප්‍රතිඵල ඔවුන් විසින් අත්කරගෙන ඇති ආකාරය අපට දත්ත වශයෙන් වුවද පෙන්වා දිය හැකිය. එම නිසා අවසාන වශයෙන් මෙම ආර්ථික සංවර්ධනය ලෝකයට අත්පත් කර දෙන්නේ මෙවැනි තත්වයන් නම් නැවතත් අපි මේ සිදුකරන සංවර්ධනයන් පිළිබඳව සිතාමතා කටයුතු කල යුතුමය. මිනිසෙකුට සංවර්ධනයක් අවශ්‍ය නොවේයැයි මින් අදහස් නොකෙරේ නමුත් අප සංවර්ධනය කල යුත්තේ අපේ භූමියට,සංස්කෘතික අංග වලට සහ අපගේ වටිනාකම්, ස්වාභාවික පරිසර පද්ධති යන මේ සියලු දෑ සලකා බලා අවශ්‍ය සංවර්ධනයක් සිදු කිරීමයි.උදාහරණයක් ලෙස භූතානය වැනි රටක් ගත් කල එම රටවල් වල භෞතික සංවර්ධනය හෝ ආර්ථික සංවර්ධනය සිදුවන්නේ ලෝක බැංකුවට,ආසියානු සංවර්ධන බැංකුවට,මූල්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි නොව එම රටේ ස්භාවික සම්පත් හා රටවැසියන්ගේ අවශ්‍යතාවයන්ට අනුවය.
අප රට වල සංවර්ධන කාර්ය එසේ නොවූයෙන් අදවන විට යුරෝපයේ තරම් කොරෝනා (covid 19 ) රෝගීන්ගේ ව්‍යාප්තිය ලංකාව තුළ සිදු නොවුනත් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මිනිස්සුන්ට අවශ්‍ය ආහාර පවා නැතිව කුසගින්නෙන් පෙළෙන මිනිසුන් දැකගත් හැකිය.සතුන්ට ජීවත් වීමට තිබූ කැළෑ,මිනිසුන්ට ආහාර වශයෙන් අවශ්‍ය දෑ වගා කර ගැනීමට තිබූ කැළෑ බහුජාතික සමාගම් වලට,ගුවන්තොටුපළ ඉදිකිරීමට,මාර්ග ඉදිකිරීමට ගත් කල රට තුළ ඉතිරි වන්නේ ආහාර නිෂ්පාදනයේ අතිරික්තයක් නොව හිඟයකි . එම හිඟය අදවන විට රටක් ලෙස අපහට බලපාමින් ඇත.2010 ආරම්භ වූ 2050 දක්වා දිවෙන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය මත ලෝකයේ තුළ ලංකාව ගුවන් මධ්‍යස්ථානයක,අධ්‍යාපන මධ්‍යස්ථානයක්,ආර්ථික මධ්‍යස්ථානයක්,බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරනවායැයි සංවර්ධන සැලසුම් වල තිබුණද මෙය කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් බවට පත්කරනවායැයි පවසා නැත.එම නිසාම මෙවන් අවස්ථාවක ජනතාවට සිදු වන්නේ පිටරටින් එන සැමන් ටින් එකකට හෝ පරිප්පු කිලෝවක් ගැනීමට පෝලිමේ සිටීමටත්,පොළොස් ගෙඩියක් වැනි සුලු දෙයක් වෙනුවෙන් මිනීමරා ගැනීමටත් හැරෙන්නට වෙන කිසිවක් නොවේ .දේශීය ආර්ථිකයක් හෝ දේශීය කෘෂිකර්මයට හෝ කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් බවට මෙම බිම් පත් නොකර ඉදිකරනු ලැබූ මහාමාර්ග,ඉදි කරනු ලැබූ වරායන්,ගුවන් තොටුපලවල්ද මේ මොහොතේ දී කිසිදු වැඩක් ගත් නොහැකි තත්වයට පත්ව ඇත.එම නිසා මෙම සංවර්ධන ක්‍රියාවලිය යන්නේ වැරදි දිශානතියකට බව් අප අවුරුදු ගනනාවක් තිස්සේ පෙන්වා දුන්නද රටේ පාලකයන් මෙන්ම පුරවැසියන් ද එම වැරදි දිශානතියට රට තල්ලු කිරීමට උදව් කරන ලදි.
නමුත් අදවන විට එහි ප්‍රතිඵල අප භුක්ති විදිමින් සිටින අතර මෙම සංවර්ධන ක්‍රියාවලියට හසු නොවූ පුද්ගලයන් හා ඈත ගම් පළාත් වල ජනතාවට කිසිදු ආහාර හිඟයක් තබා ඖෂධ හිඟයකවත් නැතිව ජීවත් වන අයුරු අපට දැක ගත හැකිය.එම නිසා අපහට අත්‍යවශ්‍යව ඇත්තේ වෙනත් ජීවන රටාවක් මිස මෙම ඇති ගුවන්තොටුපළ වෙනුවට වෙනත් තොටුපලවල්වත්,මෙම ඇති මාර්ග වෙනුවට වෙනත් මාර්ගවත් හෝ මෙම ඇති නගර වෙනුවට තවත් මහා නගර නොවන බව අද වන විට වඩාත්ම පැහැදිලිව් ඇත. ලංකාවේ තත්ත්වය මෙන්ම ලෝකයේ වෙනත් රටවලද චීනයේ වූහාන් ,ඉතාලියේ මිලානෝ,ඇමරිකාවේ වොෂින්ටන් නිව්යෝර්ක් වැනි නගරවලත්වය වුවද මෙයට සාමාන්‍යයි. අද වන විට වෙනස් ජීවන රටාවක අවශ්‍යතාවයක් පැමිණ ඇත.කොරෝනා රෝගය ඇත්ත වශයෙන් හානි කරනු ලබන්නේ ජනතාවට මිස සොබාදහමට නොවන බව අද වන විට දත්ත මඟින් ඔප්පු කර හමාරය.
කොරෝනා (covid 19 )වෛරසය හේතුවෙන් දැනට සති දෙකක් තුනක් වැනි කාලයක් ලෝකයම lockdown කර ඇති මේ මොහොතේ ලෝකය තුළ සිදු වී ඇති කාබන් විමෝචනය ගණනය කර බැලුවහොත් විශේෂයෙන්ම ඉන්දියාවේ දිල්ලි,මුම්බායි,කල්ලටා,චන්දිගාත් වැනි ප්‍රදේශ වල 29% ක් වැනි ප්‍රතිශතයකින් අඩු වී ඇති බව ඉන්දියාවේ මධ්‍යම දූෂණ කාරක මැනීමේ ඒකකය විසින් එහි දත්ත අනුව පෙන්වා දෙන ලැබේ.මොන්ගබේ ආයතනය විසින් පසුගිය 29 වන දින නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ චීනයේ අඩුම වශයෙන් වසරකට ළමුන් 4000 වැඩිහිටියන් 73000 වායු දූෂණය හේතුවෙන් මිය යන බවයි.ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කර්මාන්ත වසා රට lockdown කරීමේ තත්වය බලපා ඇති බව එම දත්ත පෙන්වා දෙයි.විශේෂයෙන්ම වුහාන් ප්‍රාන්තය තුළ කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඇති අතර මෙය lockdown කිරීම නිසා වුහාන් ප්‍රාන්තයේ අහස නිල් පැහැයක් ගෙන ඇති බව නාසා ආයතනය ජායාරූප මඟින් පෙන්වා දී ඇත.මෙම තත්වය ලෝකය පුරාම ගතහොත් ඉතාලිය මිලානෝ,රෝමය,ටොරීනෝ වැනි අගනුවර වල 24% කින් පමණ වායු දූෂණය අවම වී ඇති බව එම රටවල් පෙන්වා දී ඇත.එමෙන්ම ස්පාඤ්ඤය,ප්‍රංශයේ පැරිස්,බෙල්ජියම්,ස්වීඩන් ජර්මනිය වැනි රටවල වායු දූෂණය අවම මට්ටමකට පැමිණ ඇති අතර 23% ක් 24% ක ප්‍රමාණයෙන් වායු දූෂණය අඩු වී ඇත.ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවර කාර්මාන්තශාලා වසා දැමීමට පටන් ගත් මොහොතේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රදේශයේ වායු දූෂණය ඉතා ඉහළ මට්ටමකින් අඩු වී ඇති බව විදෙස් වාර්තා මඟින් ඔප්පු කර හමාරය.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන දත්ත අනුව ලෝකයේම වායු දූෂණය හේතුවෙන් වසරකට මිලියන 7 ක් වත් ජනතාව ලෝකයෙන් සමුගනිමින් සිටී.මෙම තත්වය අවම කිරීමට සති දෙකක් හෝ තුනක් කාලයක් ලෝකයම වසා දැමීම හේතු වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. කොරෝනා මිනිස්සුන්ට අහිතකර වුවත් ලෝකයේ වායු දූෂණය අඩු කිරීමට සහ එහි ජීවත් වන සත්ව ප්‍රජාවට ඉතාමත් සැනසුමක් ගෙන දී ඇති බව මෙයින් බොහොම පැහැදිලි වේ.
2020 වර්ෂයේ දී මේ ඇති වී ඇති තත්වය දෙවන ලෝක යුද්ධය 1948 න් ඇති වූ ආර්ථික ව්‍යවසනය පසුව ඇති වූ විශාලම ආර්ථික ව්‍යවසනය ලෙස ලෝකයේ ආර්ථික විද්‍යාඥයන් හඳුන්වනු ලබයි.මේ වන විට කොරෝනා (covid 19 )වෛරසය හරහා ලෝකයේම 43000 ක පමණ ජනතාවක් මියගොස් ඇති අතර ලෝකයේ දියුණුම යැයි සම්මත රටවල් ඉතා සීඝ්‍ර ලෙස මෙම කොරෝනා (covid 19 ) වෛරසයට ගොදුරුව ඇත.මෙය අපට කියා සිටින්නේ වෙන කිසිවක් නොව ජීවත් වීම සඳහා වෙන ක්‍රමයක්,විකල්පයක් හෝ ජීවත් වීමේ කලාවක් අවශ්‍ය බවයි.ලෝකයේ හැල්මේ ගිය ගමනේ වසර 205 ක් තුළත් අත්පත් කර ගත් විනාසයේ තරම මෙයින් පෙනෙන අතර එම විනාශය මානව සමාජයට පමණක් නොව සමස්ත පරිසර පද්ධතියටම අත් කර දී ඇති බව අද වන විට අපට පෙනෙන්නට ඇත.ලෝකයේ බොහෝ රටවල් කර්මාන්තශාලා සති දෙකක් තුළ වසා දැමීම තුළ පරිසරයට සතා සිවුපාවන්ට හුස්මක් ගැනීමට අවස්ථාවක් ලැබී ඇති අතර පරිසර පද්ධතිය සැලකියයුතු මට්ටමකින් වෙනස් වී ඇති බව නාසා ආයතනයට සහ පරිසර විද්‍යාඥයන්ට සිය මිනුම්දඬු වලින් මැනගැනීමට හැකි වී ඇත. සමාජය හා පරිසරය වනසන මෙම ජීවත් වීමේ කලාව වෙනස් නොකලහොත් බොහෝ ඉක්මනින් සමස්ත මානව සමාජයම දරුණු අගාධයකට යනු නොඅනුමානය. මනුශයත්වය තවදුරටත් අදාළ නොවන බව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරින්ම වටහා ගත හැක.ඉතාලිය සහ අනෙකුත් බොහෝ රටවල නිෂ්පාදනයට දායක නොවන වැඩිහිටි උදවියට අවශ්‍ය ප්‍රතිකාර පවා ලබා නොදී ඔවුන් නිත්‍යානුකූලව මරා දැමීම සිදුකරනු ලබයි. එයට හේතු වනුයේ ඔවුන්ගෙන් බොහෝ දුරට රටට නිෂ්පාදන ක්‍රියාවලියක් නොවන නිසාත් බොහෝ දියුණු රටවල විශ්‍රාම වැටුපක් ඔවුන්ට ගෙවීමට සිදුවන නිසාත් එම වැඩිහිටියන් මිය යාම ආර්ථික වශයෙන් එම රටවල් වලට බොහෝ විට සාධනීය කරුණක් වන නිසාය.තවදුරටත් මෙම ආර්ථිකය තුළ මනුශයත්වය වැනි දේවල් අදාළ නොවන බව මෙය තවදුරටත් අපහට පසක් කරනු ඇත.එම නිසා අපට අවශ්‍යව ඇත්තේ සාමූහිකව හැමදෙනාටම වග කියන සොබාදහමට හා මානව සමාජයට හිතැති ජීවත් වීමේ කලාවක් මිස සොබාදහමට හා මානව සමාජය වනසන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට හසු වූ මේ මිත්‍යාවට නොවන බව අපට තේරැමි ගැනීමට ඇති අවසාන අවස්ථාව දැන් උදාවී ඇත.
රවින්ද්‍ර කාරියවසම්