ආනවිලුන්දාව අභය භූමියේ අලුතින් සිටවූ කඩොලාන ගැලවූ 04 ක් රක්ෂිත බන්ධනාගාරයට

ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ සිටුවා තිබූ ‍කඩොලාන පැළ 1000 කට වැඩි ප්‍රමාණයක් ගලවා විනාශ කිරී‍ම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සිව්දෙනා ලබන 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ආනවිලුන්දාව වනජීවි කාර්යාලයේ නිළධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් සිව්දෙනා පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

වනජීවී නිළධාරීන්ට සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද අධිකරණයෙන් අවසර ලබා දී ඇත.

ඉකුත් ලෝක තෙත්බිම් දින සැමරුමට සමගාමීව ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් වූ අතර ගලවා දමා තිබෙන්නේ එම ව්‍යාපෘතියට අදාලව රෝපණය කර තිබූ කඩොලානයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...