දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි

ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙන අතර කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද එමඟින් ඉල්ලා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වුව ද ගාසා තීරයේ අමෙරිකාව ඇතුළු රටවල නිෂේද බලය හමුවේ ඒවා සම්මත වූයේ නැහැ.

කෙසේවුවද ඊයේ (25) ඉදිරිපත් වූ යෝජනාවට අමෙරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඊට එරෙහිව නිෂේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක් වන අතර අමෙරිකාවේ ස්ථාවරය වෙනස් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කනස්සල්ල පළකර තිබේ.

ඊශ්‍රායල් – අමෙරිකානු නියෝජිතයින් පිරිසක් මේ සතියේ වොෂිංටන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට ද ඊශ්‍රායලය පියවර ගෙන තිබෙන අතර ඒ හේතුවෙන් ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර පවතින විරසකභාවය පිළිබඳ සංඥාවක් මෙමඟින් ලැබී ඇති බව විචාරකයින් පවසයි.

කෙසේ වුවද මෙම යෝජනාව පිළිගත් එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් පැවසුවේ පලස්තීනුවන් 32000 අධික සංඛ්‍යාවක් ඝාතනය කර මිලියන දෙකක් පමණ අවතැන් වූ පසු ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද වැඩි බවය.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...