දහස් ගණනින් මියගිය පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා යෝජනාව සම්මතයි

ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙන අතර කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද එමඟින් ඉල්ලා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වුව ද ගාසා තීරයේ අමෙරිකාව ඇතුළු රටවල නිෂේද බලය හමුවේ ඒවා සම්මත වූයේ නැහැ.

කෙසේවුවද ඊයේ (25) ඉදිරිපත් වූ යෝජනාවට අමෙරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඊට එරෙහිව නිෂේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක් වන අතර අමෙරිකාවේ ස්ථාවරය වෙනස් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කනස්සල්ල පළකර තිබේ.

ඊශ්‍රායල් – අමෙරිකානු නියෝජිතයින් පිරිසක් මේ සතියේ වොෂිංටන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට ද ඊශ්‍රායලය පියවර ගෙන තිබෙන අතර ඒ හේතුවෙන් ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර පවතින විරසකභාවය පිළිබඳ සංඥාවක් මෙමඟින් ලැබී ඇති බව විචාරකයින් පවසයි.

කෙසේ වුවද මෙම යෝජනාව පිළිගත් එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් පැවසුවේ පලස්තීනුවන් 32000 අධික සංඛ්‍යාවක් ඝාතනය කර මිලියන දෙකක් පමණ අවතැන් වූ පසු ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද වැඩි බවය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...