අන්තරේ විරෝධතාවය අතර වසන්ත මුදලිගේ ඇතුළු 05ක් අත්අඩංගුවට

අද පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුරදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ වසන්ත මුදලිගේද ඇතුළුව පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට ‍සුළු මොහ‍ොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...