අන්තරේ විරෝධතාවය අතර වසන්ත මුදලිගේ ඇතුළු 05ක් අත්අඩංගුවට

අද පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුරදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ වසන්ත මුදලිගේද ඇතුළුව පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට ‍සුළු මොහ‍ොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...