කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව

Date:

රජයේ සායම සහ නීතිය රැකීමේ සෙන්පති වෛශ්යාබන්ධු කැකිල්ලේ රජු හමුවට ආවා. ඔහු ආවේ ඉතාම දරුණු පුද්ගලයන් හතර දෙනෙක් අල්ලගෙන. එක් අයෙක් පූජකයෙක්. පූජකයාට එල්ල කළ චෝදනාව වුණේ ඔහ තමන්ගේ සත්යක්රියා මගින් රාජ්ය ලාංඡන සහ තරු පටි අතේ ගහගෙන හිටිය රාජපුරුෂයන්ට සුළු දිය පහ කරවීම.
ඊළඟට කාන්තාවක් ඉදිරිපත් කළා. ඇයට ඉදිරිපත් කළ චෝදනාව වුණේ තඩි බඩවල් සහිත රාජපුරුෂයන්ට බිම දමාගෙන පහරදීම. චෝදනාව ඔප්පු කිරීමට ඕ. අයිසේ නමැති රාජපුරුෂයකු රැගෙන විත් තිබුණා. රාජපුරුෂයා උත්සාහ කළේ පහර කෑමෙන් නිල් වූ තැන් පෙන්වීම සඳහා ඇඳුම් උනා දැමීමටයි.
“සායම සහ නීතිය භාර ඇමතිත් මහ පාරේ රෙදි ගලෝ ගත්තු නිසා මෙතන ගලවන්න අවශ්ය නෑ” කියල කැකිල්ල රජ්ජුරුවෝ කිව්වා. කැකිල්ලෙ රජ්ජුරුවෝ එහෙම නොකියන්න වෛශ්යාබන්ධු තුමාත් රෙදි ගලව ගන්නයි හිතාගෙන හිටියේ. දැනටමත් ජනතාව ඉස්සරහ රෙදි ගැලවිලා නිසා මෙතන ගලවන එක එතුමාට අමාරු දෙයක් නෙවෙයි.
ඊළඟට හිටියේ තරුණයන් දෙදෙනෙක්. ඒ දෙන්නා අත්අඩංගුවට ගෙන තිබුණේ කඩයක් ඇතුලේ සෙල්ෆි ගසමින් මිතුරන්ට යවමින් සිටියදී. කැකිල්ලේ රජ්ජුරුවෝ හොරෙන් කරන දේවල් සොයාගෙන ඒවා ප්රසිද්ධියේ කියාපානවා යැයි ඔවුන්ට චෝදනා කර තිබුණා.
“ඔබ වහන්සේ අර හොර අරක්කු කාරයාගේ ලයිසන් එක ආපහු දීපු එකත් මුන් දෙන්න දැනගෙන. ඔබතුමයි ගෝලයොයි මහා භාණ්ඩාගාරය බිඳපු එකක් දැනගෙන. වටිනා කියන සම්පත් හොරෙන් විකුණන එකක් දැනගෙන. අල්ලපු රටේ මෝඩ රජ්ජුරුවෝ එක්ක කරපු සතර කන් මන්ත්රණයත් දැනගෙන.”
වෛශ්යාබන්ධු තුමා චෝදනා පත්රයක් ඉදිරිපත් කළා. මේ අය අඩ මසක් ගිය දවසට කලින්දා වෙනත් චෝදනාවක් විභාගයට රජ්ජුරුවන් ළඟට ගේන්න තියෙනවා. මෙතනින් දෙදෙනෙකුට එදාට බඩේ අමාරු හැදෙන බවත් අනික් අයට දවල් වනතුරු නින්ද යන බවත් තමන්ගේ ඉවට දැනෙන බව වෛශ්යාබන්ධු කැකිල්ලේ රජ්ජුරුවන්ට කිව්වා. ඒ නිසා අඩ මසක් ඔවුන් හිරකර තබන ලෙස ඉල්ලා සිටියා.
“රජයේ සායම රකින සෙනෙවිගේ ඉවට දැනෙන කරුණක් නිසා මේ අය හිර කර තියන්න පුළුවන්ද?” කියලා කැකිල්ලේ රජ්ජුරුවෝ උපදේශකයන්ගෙන් ඇහුවා.
“එහෙම බෑ උතුමාණෙනි, එදාට ඒ අය ඉදිරිපත් නොවුනොත් වරෙන්තු කරන්න විතරයි පුළුවන්. එන එකක් නෑ කියලා හිතලා හිර කරන්න නීතියක් නෑ. ලෝකෙ වෙන රටවල් වල වත් එහෙම නීතියක් නෑ.” කියලා උපදේශකයන් කිව්වා.
කමක් නෑ. නීතියක් නැතත් මුන් හතර දෙනාම හිර කර තබනවා යැයි ගෝරනාඩු කළ කැකිල්ලේ රජ්ජුරුවෝ තීරණයට යටින් අත්සන් කරලා, පෑන පුටුව උඩින් හිටවලා ඒක උඩින් ඉඳගත්තා.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...