ලංකාව අලින්ට සළකන විදිහ ගැන අලුත්ම ඡායාරූප පෙළක්

මෙරට නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය කිහිපයකම ප්‍රචාරය වෙමින් පවතියි.

අම්පාර, ඔලුවිල් ප්‍රදේශයේ අලින් ගැවසෙන ප්‍රදේශයකට බැහැර කෙරෙන මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් ගේ ජායාරූප ලබා ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජායාරූප ශිල්පියෙකු වන ධර්මපාලන් තිලක්ෂන් විසිනුයි.

” සමන්තුරෙයි, කල්මුණේ, කාර්තිව්, නින්දවූර්, අට්ට්ලචෙනෙයි, අක්කරෙයිපත්තු සහ අලෙයාඩි වෙම්බු යන ප්‍රදේශවල ඒකරාශී වන අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ මෙම ස්ථානයට. මෙය කැළයට ආසන්න නිසා අලීන් ඇතුළු වන සතුන් ආහාර සොයා මෙහි පැමිණෙනවා. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඔවුන් ගේ ජිවිත විශාල හානියකට පත්වීමක් මෙයින් සිදුවන්නේ” තිලක්ෂන් පවසනවා.

මෙම ඉවතලන ආහාර ද්‍රව්‍ය අතර මුසුවී තිබෙන පොලිතින් සහ ප්ලාස්ටික් වැනි දිරවිය නොහැකි දේ ආහාරයට ගැනීමෙන් වන අලින් ඇතුළු වන සතුන් රැසක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි එමෙන්ම පසුගිය කාලයේදී මියගොස් සිටි ඇතැම් වන අලීන් ගේ සිරුරූ තුලින් දිරාපත් නොවූ මෙවැනි පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබේ.

මෙම අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයට වන අලීන්ට පැමිණීමට නොහැකිවන ලෙස විදුලි වැටක් ඉදිකොට තිබුනත් එයද මේ වන විට සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...