මතක පොත පෙරලද්දි

මතක පොත පෙරලද්දි
හදවතත් පහුරු ගා
තිබුන සිහිවටන නම්
ලියන්නට කවි කථා….
හාල් සේරුව පවා ණය
පොතට අරන් ආ
මාලුවට පිණි නැතුව
තනි වුනා ඉකි ගසා…..

හන්දියේ බේකරියෙ
පුසුඹ නැහැ පුඬු හරහා
රින් ගද්දි රස සුවඳ
දිවඟ අංකුර හරහා
කුලියකට මලියකට
පොල් ගසුත් බඩ ගගා
ගෙදරට ත් ගොඩ වුනේ
හවස අත පුරවලා….

හන්දි කැක්කුම කියා
කෙඳිරියත් ඇහෙනවා
ලිපේ වෙනිවැල් ගැටත්
අඩු නැතුව පැහෙනවා
අන්ඩ දැමු කමිසයත්
දැලක් වගෙ පෙනෙනවා
වාරු නැති වුනත් පා
සවිය හිතෙ තියෙනවා…..

 

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...