මතක පොත පෙරලද්දි

මතක පොත පෙරලද්දි
හදවතත් පහුරු ගා
තිබුන සිහිවටන නම්
ලියන්නට කවි කථා….
හාල් සේරුව පවා ණය
පොතට අරන් ආ
මාලුවට පිණි නැතුව
තනි වුනා ඉකි ගසා…..

හන්දියේ බේකරියෙ
පුසුඹ නැහැ පුඬු හරහා
රින් ගද්දි රස සුවඳ
දිවඟ අංකුර හරහා
කුලියකට මලියකට
පොල් ගසුත් බඩ ගගා
ගෙදරට ත් ගොඩ වුනේ
හවස අත පුරවලා….

හන්දි කැක්කුම කියා
කෙඳිරියත් ඇහෙනවා
ලිපේ වෙනිවැල් ගැටත්
අඩු නැතුව පැහෙනවා
අන්ඩ දැමු කමිසයත්
දැලක් වගෙ පෙනෙනවා
වාරු නැති වුනත් පා
සවිය හිතෙ තියෙනවා…..

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...