මාස 8ක තිස්සේ දෙමළ තරුණයන් 16ක් TID රැඳවුම් භාරයේ

පසුගිය වසරේ ජුනි සහ ජූලි මාසවලදී විමර්ශන සඳහා යයි ප්‍රාදේශීය පොලිස් ස්ථාන විසින් කැඳවනු ලැබූ යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන ප්‍රදේශ වලට අයත් තරුණයන් 16දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ඒකකය විසින් රඳවාගෙන සිටින බව වාර්තා වේ.

මාස 8 ක කාලයක් ගත වුවද, මෙසේ රඳවාගෙන සිටිනවුන්ට එරෙහිව තවමත් නඩු පවරා නොමැත.

‘එල්ටීටීඊයට උදව් කිරීමට උත්සාහ කිරීම’ නිසා රඳවාගෙන සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එක් අයකුට නිකුත් කරන ලද කුවිතාන්සියක සඳහන්ව ඇති බව වාර්තා වේ. ඔහු කිලිනොච්චි පොලිසියට කැඳවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත පුද්ගලයන් සම්බන්ධ ලදුපතෙහි ‘අධිකරණ බල ප්‍රදේශය’ ලෙස දක්වා ඇත්තේ කොළඹයි.

කෙසේවෙතත් මෙම තරුණයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීම සහ ඔවුන් සම්බන්ධ කරගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ ඥාතීන් බියට පත්ව සිටියි. ඒ අනුව තමා සමීපතමයන්ගේ නිදහස ඉල්ලා මෙම ඥාතීන් කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටියි.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සහ ඉඩම් කොල්ලයට ගොදුරු වූවන්ගේ පවුල්වලට අමතරව, අලුතෙන්ම අඛණ්ඩ වීදි විරෝධතාවයක් පටන් ගත් ඔවුන් වේ.

බුද්ධි අංශ නිලධාරීන්ගේ තර්ජන හේතුවෙන් බියට පත්වී, විරෝධතා දැක්වූවන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට ඉවත් වී ඇති බව එම පවුල්වල සාමාජිකයන් පවසා තිබේ.

මෙලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින තරුණයින් වන්නේ සෙල්වනායගම් සසිකරන් ,ලින්ගේස්වරන් ඉන්බරාජ්, කන්දසාමි යුවන්, ගුණලිංගම් වසන්තන්, රමේෂ් සුජාන්තන්, ඇන්ටන් චාල්ස් පවිත්‍රන්, සබාරත්නම් තූයවන්, උදයසොරූබන් උමාසුදන්, දේවරංජන් මදිවදන්, බාලසුබ්‍රමනියම් ගජිතරූබන්, රත්නසිංහම් කමලාකරන්, රත්නබාලසිංහම් ඊලවේන්දන්, ශ්‍රීවාසක ශර්මා හා ගජෙන්ද්‍රරාජා ඉන්ද්‍රරාසා යන අයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...