යාපනය විශ්වවිදයාලයේ ‘මළවුන්ගේ ස්මාරකය’ ඉවත් කිරීම මිනිස්කමටත් නිගා දෙන ක්‍රියාවක් – පෙ.ස.ප. කියයි

යාපනය විශ්වවිද්‍යාලයේ යුද්ධයෙන් මියගිය වූවන් සඳහා ඉදිකර තිබූ සමාරකය විනාශ කර දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මිනිස් කමට නිගාවක් දෙන ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

චමීර කොස්වත්ත වැඩිදුරටත් පැවසුවේ,
“කුමන දේශපාලන මතයක් දරුවත් මරා දැමූවන් සිහිපත් කිරීම ඒ මරා දැමූවන් සඳහා විවිධ ස්මාරක ඉදිකිරිම සාමාන්‍ය සමාජ සිරිතක්. දකුණේත් 71අරගලවලදී 88,89 අරගලවලදී මරා දැමූවන් සිහිකිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වෙනවා. උතුරේ අරගලවලදී මිය ගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා ස්මාරක විශේෂයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබෙන ස්මාරක විනාශ කිරීම ඉතාම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්. ඒවගේම එය මිනිස්කමට නිගා දෙන ක්‍රියාවලියක්. මේ සිදුවීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම අපි දකිනවා මේ ආණ්ඩුව රටේ ජන කොටස්වලට එරෙහිව විවිධ පීඩා එල්ල කරමින් ඉන්නවා. මේ පීඩාවන්ට එරෙහිව සියලු ජන කොටස් එකතු විය යුතුයි. වසංගතය හමුවේ මතුව ඇති අර්බුද වසන් කිරීමට විවිධ සෙප්පඩ විජ්ජා නිර්මාණය කරමින් ඇත්ත ප්‍රශ්න වසන් කරන්න උත්සාහ කරනවා”

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...