යාපනය විශ්වවිදයාලයේ ‘මළවුන්ගේ ස්මාරකය’ ඉවත් කිරීම මිනිස්කමටත් නිගා දෙන ක්‍රියාවක් – පෙ.ස.ප. කියයි

යාපනය විශ්වවිද්‍යාලයේ යුද්ධයෙන් මියගිය වූවන් සඳහා ඉදිකර තිබූ සමාරකය විනාශ කර දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මිනිස් කමට නිගාවක් දෙන ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

චමීර කොස්වත්ත වැඩිදුරටත් පැවසුවේ,
“කුමන දේශපාලන මතයක් දරුවත් මරා දැමූවන් සිහිපත් කිරීම ඒ මරා දැමූවන් සඳහා විවිධ ස්මාරක ඉදිකිරිම සාමාන්‍ය සමාජ සිරිතක්. දකුණේත් 71අරගලවලදී 88,89 අරගලවලදී මරා දැමූවන් සිහිකිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වෙනවා. උතුරේ අරගලවලදී මිය ගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා ස්මාරක විශේෂයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබෙන ස්මාරක විනාශ කිරීම ඉතාම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්. ඒවගේම එය මිනිස්කමට නිගා දෙන ක්‍රියාවලියක්. මේ සිදුවීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම අපි දකිනවා මේ ආණ්ඩුව රටේ ජන කොටස්වලට එරෙහිව විවිධ පීඩා එල්ල කරමින් ඉන්නවා. මේ පීඩාවන්ට එරෙහිව සියලු ජන කොටස් එකතු විය යුතුයි. වසංගතය හමුවේ මතුව ඇති අර්බුද වසන් කිරීමට විවිධ සෙප්පඩ විජ්ජා නිර්මාණය කරමින් ඇත්ත ප්‍රශ්න වසන් කරන්න උත්සාහ කරනවා”

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...