රැකියා අයිතිය දිනා ගැනීමේ අරගලයට නායකත්වය දෙන්න අපි සූදානම් – Yoth for Chenge

රැකියා අයිතිය දිනා ගැනීමට පෙළ ගැසෙන තරුණ තරුණියන්ට එම අයිතිය දිනා ගැනීමේ අරගලයට නායකත්වය දීමට වෙනසක තාරුණ්‍ය සංවිධානය සූදානම් බව එම සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඔහු පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පැවතීමත් සමඟ රැකියා අහිමි විම් බිලියන ගණනක් සිදුවන බව ජාත්‍යාන්තර සංවිධාන මේ වන විටත් අනතුරු අඟවා ඇති බවයි.

මෙරට ද මෙම අර්බුදය හමුවේ රැකියා අහිමි විම් හා රැකියා අපේක්ෂාවන් බිඳ වැටීම බරපතල ලෙස සිදු වීම හරහා මෙකී අර්බුදයෙන් වැඩිපුරම තරුණ කොටස් පීඩාවට පත්වීමට නියමිත බව ළහිරු වීරසේකර පවසයි.

“රැකියා ලබාදීම හැමදාම මැතිවරණ පොරෝදුවක් පමණයි. මේ ආණ්ඩුවත් බලයට පත්වෙනකොට රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා දාලා රැකියා දෙන්න බැහැ කියනවා. කොරෝනා නැති කාලයේ පවා ලංකාවේ රැකියා වියුක්තිය වැඩිවෙමින් පැවතියා. මේ ආණ්ඩුවලට රැකියා ලබාදීමට වැඩපිළිවෙලක් නැහැ. ලෝකයේ ලංකාවෙත් රැකියා අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වීමට නියමිත තරුණ පරම්පරාව. එසේ නම් රැකියාවේ අයිතිය දිනා ගැනීමට අඛණ්ඩ අරගලයක් අවශ්‍යයි. අපි මේ රටේ තරුණ තරුණියන් නියෝජනය කරන සංවිධානයක් ලෙස ඊට නායකත්වය දෙන්න සූදානම්”

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...