Breaking News

කොළඹ නගරාධිපති ධූරය NPPට අහිමි වෙයිද?

කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

එහෙත්, කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිව තිබේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව පෙනේ.

බලය වෙනුවෙන් කිසිම පක්ෂයක් සමඟ එකතු නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී ටිල්විල් සිල්වා පැවසීය. නමුත් වෙනත් පක්ෂවල සහය නොමැතිව ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි තත්ත්වයක් යටතේ කුමක් සිදුවේද යන ප්‍රශ්නය මතුවේ.

leave a reply