2024 වසරේ බදු ආදායම 86%න් ඉහළ ගිහින්

එකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයේ මුල්මාස දහය තුල එකතුකළ අගය මත බද්දෙන් ලබාගෙන ඇති ආදායම රුපියල් බිලියන 571.5කි.එයට සාපේක්ෂව 2024 වර්ෂයේ එම කාලසිමාව තුලදි එකතුකළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 495.9 කින් වැඩි වි ඇත.

දේශිය ක්‍රියාකාරකම් මගින් එකතුකළ අගය මත බදු ආදායම 2023 වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව 2024 වර්ෂයේ එම කාලසිමාව තුලදි රුපියල් බිලියන 585.5 දක්වා සියයට 48.4කින් වැඩිවි ඇත. ආනයන මගින් ලද එකතුකළ අගය මත බදු ආදායම ද 2023 වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව 2024 වර්ෂයේ එම කාලසිමාව තුලදි රුපියල් බිලියන 481.9 දක්වා සියයට 172.5කින් සැළකිය යුතු ලෙස වැඩි වි ඇත.

එකතුකළ අගය මත බදු අනුපාතය 2024 වර්ෂයේ ජනවාරි 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 15 සිට සියයට 18 දක්වා වැඩිකිරිම, බදු ආදායම වැඩිවිම සදහා ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි.

බදු ආදායම ඉහළ දමා ගතයුතු වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. මෙහිදී විශේෂත්වයක් ලෙස තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම බදු ආදායම ඉහල දමා ගත යුත්තේ කුමන බදු හරහාද යන්න සඳහන් නොකිරීමයි. සියලු භාණ්ඩ හා සේවාවලට බලපාන පරිදි වක්‍ර බදු වැඩිකිරීමට තීරණය කරන්නේ මෙරට ආණ්ඩුවයි. මෙම බදු වැඩිවීම හේතුවෙන් විශාල ලෙස බඩු මිල ඉහළ ගොස් තිබේ. එහිදී මහා පරිමාණ සමාගම් විසින් නොගෙවා ඇති බදු අයකර ගැනීමට හෝ ආණ්ඩුව උත්සාහ කර නැත. එසේම මහා පරිමාණ සමාගම් මත පනවා ඇති බදු කිසිදු ලෙසකින් වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...