21 වැනි කොරෝනා මරණය වාර්තා වෙද්දී රෝහල් ගත කර ඇති පිරිස 6134 දක්වා ඉහළට

ලංකාවේදී මියගිය 21 වැනි කොරෝනා රෝගියා ඊයේ(31) වැලිසර ළය රෝහලේදී මිය ගිය 40 හැවිරිදි පුද්ගලයකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද රාත්‍රි නිවේදනය කළේය.

කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවක් සහ අධි රුධිර පීඩනය සහිත ඔහු ශ්වසන ආබාධයක් හේතුවෙන් 23 වැනිදා රෝහල්ගතකර ඇත. රෝහලේදී සිදුකළ PCR පරික්ෂණයෙන් ඔහු ආසාදිත බවට තහවුරු වී නැති නමුත් 31 වැනිදා මිය ගිය පසුව කළ PCR පරික්ෂණයේදී කෝවිඩ් 19 ආසාදිත බවට සනාථ වී ඇති බව ප්‍රපවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද දිනයේ දී මේ දක්වා ආසාදිතයින් 397ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් පළමු ආසාදිතයා වාර්තා වීමෙන් පසු ඇතිවූ කොරෝනා පොකුර අද වන විට 7582ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11060ක් වන අතර ඉන් රෝහල් ගත කර ඇති පිරිස 6134කි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...