බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් හදිසි වැඩිවීමක්

ඊයේ(06) දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එකවර ඉහළ යාම ගැන අවධානය යොමුවී තිබේ.

අද පෙරවරුව වන විට කොවිඩ් ආසාදිතයින් 726ක් වාර්තා වී තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වූවද කොළඹ නගරය ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාපතියේ යම් අඩු වීමක් දක්නට ලැබේ.
මට්ටක්කුලිය හැර නගරසභා සීමාවේ සෙසු ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ දහයට අඩු සංඛ්‍යාව ක් බැගිනි.

බදුල්ලෙන් 197 දෙනෙකු දක්වා ආසාදිතයින් ඉහළගොස් ඇත්තේ මහියංගණය ප්‍රදෙර්ශයේ ඇඟලුම් කම්හල් දෙකක් ආශ්‍රිතව කොවිඩ්19 ව්‍යාප්ත වීමත් සමගිනි.

මීට අමතරව කොළඹ 116,ගම්පහ 101,කුරුණෑගල 88,මහනුවර 63ක් ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන අතර සෙසු දිස්ත්‍රික්ක වලින් දිස්ත්‍රික්කයකට ආසාදිතයින් දහයට වඩාඅඩු සංඛ්‍යාවක් බැගින් වාර්තා වී තිබේ.

කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් ඉතා අඩු අවදානමක් පැවති බදුල්ල දිස්ත්‍රික්කයෙන් එකවර රෝගීන් විශාල පිරිසක් වාර්තා වීම අස්වාභාවික හා බලාපොරොත්තු නොවූ තත්වයක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා ආසාදිතයන් පොකුරු පිටින් වාර්තා වීම හරහා ඉදිරියේදී දැඩි අවදානම් තත්වයක් රටපුරා ඇතිවිය හැකි බවට විස්වාස කරන බවයි එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ ප්‍රමාණය 356 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් මරණ 05 ක් වාර්තා වීමත් සමගිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...