Breaking News

ඔබ ජීවත්වෙන COMUNE ආධාර වැඩපිළිවලට ඔබ ඇතුලත් වන්නේ කෙසේද?

Fondo di solidarietà alimentare Buoni per Aquisto

ආහාර ද්‍රව්‍ය හා මූලික අවශ්‍යතා බෙදාහැරීම සඳහා වූ අරමුදල ( Fondo di solidarietà alimentare Buoni per Aquisto )

ඉතාලියේ ජාතික සුභසාධන හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා විසින් ඉතාලියේ සෞඛ්‍ය ආපදා තත්වය මගින් ඇතිකර තිබෙන ආර්ථික අපහසුතා සඳහා මුහුණදීමට මාර්තු 29 දින ඊට අදාල සහනදායී අරමුදලක් ගොඩනගා තිබෙන අතර ඒ මගින් ඉතාලිය පුරා තිබෙන කොමූණ ආයතන (නගරසභා/ප‍්‍රාදේශීය සභා) වෙත එම අරමුදල් ලබා දෙමින් තම බලප‍්‍රදේශයන් තුල සිටින ජනතාව වෙත සහන සැලසීමේ ක‍්‍රියාවළියක් ආරම්භ කර ඇත. ඒ සඳහා කොමුණ ආයතන තුල පිහිටුවා ඇති සමාජ සුභසාධන සේවාව මැදිහත්වී තම ප‍්‍රදේශවල උපකාර ලැබිය යුතු ජනතාව හඳුනාගෙන ඊට සහන සැලසීමේ වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

මෙහිදී ආහාර සහ මූලික අවශ්‍යතා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබාදේ.

මෙම වැඩපිළිවෙල ඒ ඒ ප‍්‍රදේශවලට වෙනස්විය හැකි නමුත් ක‍්‍රියාවළියේ බොහෝ සමානකම් ඇති නිසා තේරුම් ගැනීමේ පහසුවට එක් කොමුනයක ක‍්‍රියාවළිය මෙතැන් සිට පැහැදිලි කරමු. ඔබට අදාල කොමූණෙ මගින් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය තුල අදාල තොරතුරු සටහන් කර ඇත.

බ්‍රෙෂියා කොමුණෙ වෙත යුරෝ මිලියනයක් ලබා දී ඇති අතර එය අප්‍රේල් වන 6 දින සිට ක‍්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මෙය ක‍්‍රියාත්මක කරන්නේ සමාජ සුභසාධන සේවා අංශය මගිනි.
(SETTORE SERVIZI SOCIALI COMUNALE)

ලෑබෙන්නේ මොනවාද?
අදාල බලප‍්‍රදේශය තුල පදිංචිය ලියාපදිංචි වී සිටින පවුල් අතරින් උපකාර අවශ්‍ය පිරිස් තෝරාගෙන ඒ අය සඳහා ආහාර ද්‍රව්‍ය හා මූලික අවශ්‍යතා මිලදී ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් හෝ සාමාන්‍ය කාඞ්පතක් ලබාදීම. මේවා භාවිතාකර නම් කර ඇති වෙළඳසැල් වලින් තම අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත හැකිය. (ඒ ඒ ප‍්‍රදේශයට අදාල වෙළඳසැල් නාම ලේඛණ අදාල කොමූණ වෙබ් පිටුවෙන් ලබාගත හැක)

කීයක් ලැබෙනවාද?
පවුලේ සාමාජිකයින් ගනන් අනුව මාසයකට අදාලව මෙම මුදල ලැබේ. එක් සාමාජිකයකුහට යුරෝ 150ක් දෙදෙනෙක් සඳහා යුරෝ 250ක් තිදෙනෙක් සඳහා යුරෝ 350ක් ඊට වැඩිවන සෑම පුද්ගලයෙක් සඳහා යුරෝ 50ක් එකතු වේ. වයස අවුරුදු 3ට අඩු දරුවන් සිටීනම් යුරෝ 150කට සීමා වනු ඇත. (ඊට අඩු දෙදෙනෙකු සිටියත් දෙදෙනාටම ලැබෙන්නේ 150යි)

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? 
• 2020 පෙබරවාරි 23න් පසුව රැකියාව අහිමිවූ අය.
• 2020 පෙබරවාරි 23න් පසුව වසා දමා හෝ නවතා දමා ඇති ස්වයං රැකියා කල අය.
• මෙම ආපදා තත්වයට පෙර රැකියාවක් නොකල අය.
• තම රැකියාවෙන් හෝ වෘතියෙන් මාසිකව ලැබෙන ආදායම සියයට 50කට වඩා අඩුවී ඇති අය.
• කිසියම් හේතුවක් නිසා මේ අවස්තාව වන විට තම බැංකු ගිණුම් අත්හිටුවා ඇති අය.
• යම් කිසි දීමනාවක් ලැබෙමින් සිටි නමුත් මේ වන විට එය අහිමිවී ඇති අය සහ එසේ යම් දීමනාවක් ලැබුනම් එය ප‍්‍රමානවත් නොවේනම් ඒ අය. (මෙය තිරණය කරන්නේ සමාජ සුභසාධන සේවා අංශය මගිනි.)
• අදාල පවුල තුල මහලූ අය හෝ විශේෂ රෝගාබාද ඇත්නම් එවැනි අය. (මෙය තිරණය කරන්නේ සමාජ සුභසාධන සේවා අංශය මගිනි.)

මේ සඳහා සුදුසුකම් නොලබන්නේ කවුද?
• වෙනත් දේපොළ හෝ ආයතන මගින් ආධායම් ලබන අය.
• කිසියම් දේපොළකින් 2020 මාර්තු 31 වන විට යුරෝ 5000කට වැඩි ආධායම් ලබන අය.

මේ සඳහා ඉල්ලූම් කරන්නේ කෙසේද?
ඊට අදාලව නිකුත් කර තිබෙන ඉල්ලූම් පත‍්‍රය තමන් විසින් පුරවා ක‍්‍රම කීපයකට කොමූණය වෙත යැවිය හැක.
• සාමාන්‍ය හෝ නීති්‍යානුකුල ඊ මේල් මගින්. මෙහිදී පුරවා අත්සන් කල ඉල්ලූම් පත‍්‍රය ස්කෑන් කර තම හැඳුනුම්පතේ කොපියක්ද සමග අදාල ලිපිනයට යොමු කිරීම.
• පුරවා අත්සන් කල ඉල්ලූම් පත‍්‍රය තම හැඳුනුම්පතේ කොපියක්ද සමග අදාල බල ප‍්‍රදේශයේ පිහිටුවා ඇති සමාජ සුභසාධන සේවා අංශයේ කාර්යාල වෙත බාරදීම.
• එසේ එම හැකියාවන් නොමැති අයට ඒ ඒ කාර්යාලවල දුරකථනයට කතා කර විස්තර ලබාදීමෙන් ස්වෙච්ඡුා සේවකයින් තම නිවසට පැමින අදාල ඉල්ලූම් පත‍්‍රය රැගෙන යනු ඇත.

I servizi sociali territoriali Brescia sono:
• Sst Centro – via Della Rocca 16/A – 0302977445-7446;
• Sst Nord – via Gadola 16 – 0302978011-12;
• Sst Ovest – via dei Paganini 1 – 0303732230;
• Sst Sud – via Micheli 8 – 0302978036-37-38;
• Sst Est – via Bazoli 7 – 0302977093-94.

ඉල්ලූම් පත් බාරදීමෙන් පසු සිදුවන්නේ කුමක්ද? 
• සුදුසුකම් පරික්ෂාකර තෝරාගත් අය වෙත ක‍්‍රම කීපයකින් අදාල කාඞ් පත ලැබෙනු ඇත.
• ඉලෙක්ට්‍රොන්ක ක‍්‍රමයට තම සනිතාරිය කාඞ් පතට (Tesera Sanitaria) අදාල මුදල බැරවීම.
• රෙස්ටුරන්ට් ටිකට් ඇප්එක මගින් දුරකථනය වෙත ලැබීම.
• අදාල කාර්යාල වෙත ගොස් අදාල කාඞ් පත ලබා ගැනීම මගින්. එසේ නොහැකි අයට ස්වෙච්ඡුා සේවාව මගින් නිවසට ගෙනැවිත් බාරදීමෙන්
මේ ආකාරයට අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිවසින් බැහැරවීමට හැකියාවක් නැති අය එම ප‍්‍රදේශයේ උපදේශකයින් හෝ ස්වෙච්ඡුා සේවාව සම්බන්ද කර ගැනීමෙන් එය සපුරා ගත හැක.
(rete dei Consigli di Quartiere, dei Punti Comunità e del volontariato.)
Brescia comuneට අදාල අය ආහාර ද්‍රව්‍ය හා මූලික අවශ්‍යතා බෙදාහැරීම සඳහා වූ අරමුදලේ මෙතනින් ඇතුල් වෙන්න 

තීමස් විජිත්

 

 

 

 


ඉතාලි රජයේ සහන පැකේජයෙන් ඔබට අත්වෙන වාසි මොනවද? කඩිනමින් ඉල්ලුම් පත් පුරවන්න ඕනේ මොනවාටද?විස්තර දැනගන්න මෙතන ඇති ලිපිය බලන්න

leave a reply