විදුලිය ඉන්දියාවට, තෙල් චීනයට – සිනොපෙක් සමාගමට තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවසර දීමේ සූදානමක්

ඩොලර් බිලියන 4.5 ක වටිනාකමකින් යුතු ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක් සමාගමට අවස්ථාව ලබාදීමට ලංකාව සූදානමින් සිටින බව ටෝයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

“එය සඳුදා න්‍යාය පත්‍රයේ තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණු පසු අපි ඔවුන්ට ගිවිසුම අත්සන් කරන්න ආරාධනා කරනවා,” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ආර්ථික අර්බුදයට පිළිතුරු සොයන මුවාවෙන් ආණ්ඩුව සූදානම් වන්නේ රටේ බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට සහ චීනයට ලබාදීමට බව පෙනෙන්නට තිබේ.

ධාරිතාවෙන් ලොව ඉහළම පිරිපහදුව සහ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදන සමාගම්වලින් එකක් වන Sinopec සමාගම සෞදි අරාබියේ පිරිපහදු වත්කම් සහ රුසියාවේ පෙට්‍රෝ රසායනික නිෂ්පාදන අයිතියද හිමිකර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගමට හම්බන්තොට වරාය වසර 99 ක බදු දීමෙන් පසුව සහ කොළඹ වරායේ සැපයුම් සහ ගබඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 392 ක ආයෝජනයක් සඳහා චීනයට ලබාදීමට නියමිත බව අප්‍රේල් මාසයේ වාර්තා විය.

පුරාණ සේද මාවත ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස චීනයේ තීරයක් සහ මාර්ගක් උපායමාර්ගයට අදාළව මෙම පියවර වැදගත් වෙනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසා තිබේ.

නිල අනුමැතිය ලැබීමෙන් පසු පිරිපහදුවෙහි ප්‍රමාණය සහ තාක්ෂණික වින්‍යාසය අවසන් කිරීම ඇතුළුව සිනොපෙක් මූලික ඉංජිනේරු සැලසුම් ආරම්භ කරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් වෙත පවසා ඇත.

මෙම නව ආයෝජනය දැනට සිනොපෙක් විසින් පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 150ක් පවත්වාගෙන යන වැඩපිළිවෙලට තවත් ශක්තියක් එකතු කරනු ඇත.
ඒ අනුව වැඩිකල් නොගොස්ම ඉන්ධන පිරිපහදුව ශා ඉන්ධන බෙදාහැරීම යන දෙකම සිනොපෙක් විසින් අල්ලා ගනු ඇත. ඒ හරහා මෙරට තෙල් ඒකාධිකාරය හිමිවනු ඇත්තේ චීන සමාගමකටයි. අඩු මිලට තෙල් ලබාගැනීම මෙන්ම බලශක්තිය සම්බන්ධ ලංකාවේ ස්වාධිපත්‍ය ද අහිමිව යනු ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...