ආණ්ඩු වෙනස් වුණත් විදුලි මාෆියාවේ වෙනසක් නැහැ

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර පැවසීය.

ඔහු එබව පැවසුයේ, විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹ දී ඊයේ (10) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඔහු කීය.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර, ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

(ලංකාදීප)

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...