විදුලි බිල අඩුකිරීම ගැන කියන ‘බොරු’

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවත් එවැනි යෝජනාවක් එම කොමිසමට ලබාදී නොමැති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය පැවසුවේ මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනවාරි 8 වැනිදා වන විට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් පවසා ඇත.

විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය ( සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ජනතාවට උපරිමයෙන් ලබාදිය යුතු බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ පවසා ඇත.

වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමටද විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමටද පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...