වසර 03කදී කෝටි තුනකට රතු බිල්

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් දෙනකුගේ විදුලිය විසන්ධි කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත් දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත් රටේ විදුලිය පාරිභෝගිකයන් හැත්තෑ දෙලක්ෂයක් සිටින බවත් කංචන විජේසේකර ප්‍රකාශ කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...