වසර 03කදී කෝටි තුනකට රතු බිල්

විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

විදුලිය බිල් කලට වේලාවට නොගෙවීම හේතුවෙන් දහතුන් ලක්ෂ අටදහස් අටසිය හැත්තෑ එක් දෙනකුගේ විදුලිය විසන්ධි කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එක් ලක්ෂ විසි හය දහස් අට දෙනකුගේ ගිණුම් අවසන් කර ඇති බවත් දහනව ලක්ෂයක් නව විදුලි සබඳතා ලබාගෙන ඇති බවත් රටේ විදුලිය පාරිභෝගිකයන් හැත්තෑ දෙලක්ෂයක් සිටින බවත් කංචන විජේසේකර ප්‍රකාශ කළා.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...