Breaking News

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයන් යැවීම ගැන විරෝධයක්

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යැවීමට ලංකාව ඊශ්‍රායලය සමඟ ගිවිසුමකට එළඹ ඇතැයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසා තිබුණි. කෙසේවෙතත් ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් විරෝධය පළකර තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර තිබුනේ විදේශ රැකියා සහ කම්කරු ඇමතිවරයා විසිනි. ලංකාව මේවනවිට වාර්තාගත ලෙස විදෙස් ප්‍රේෂණ ලැබෙමින් පවතියි. එය සිදුවී ඇත්තේ ආර්ථික අර්බුදය නිසා කුමන හෝ රැකියාවක් සඳහා යන යන ජනතාව නිසයි. දැන් ආණ්ඩුව සැරසෙන්නේ ජනතාවගේ ජීවිත අවදානමේ දමා හෝ ඩොලර් ගෙන්වා ගැනීමටයි. එසේම මේ මොහොතේ රටවල් බොහොමයක් පලස්තීනයට එරෙහිව පවත්වාගෙන යන අමානුෂික යුද්ධයට විරෝධය පෑමක් ලෙස ඊශ්‍රායාලය සමඟ සම්බන්ධතා නවතා දමා ඇත. ලංකාවට එවැනි සදාචාරයක් හෝ නොමැති බව පැහැදිලිය.

ඔවුන් පවසන්නේ මෙය එක් අතකින් ලාංකීය ශ්‍රමිකයන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවයි. එසේම ඊශ්‍රායලයේ පලස්තීන ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය උත්සන්න වූ දා සිට විදේශීය කෘෂිකාර්මික කම්කරුවන් 8,000ක් පමණ (දළ වශයෙන් 1/3) ඊශ්‍රායලයෙන් පිටව ගොස් ඇති බව එම සංවිධාන පවසයි.

ලංකාවේ ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසන්නේ,
තවත් 20,000 පලස්තීන කෘෂිකාර්මික ශ්‍රමිකයන් – සාමාන්‍යයෙන් ඊශ්‍රායලය තුළ රැකියා සඳහා ප්‍රවේශ වීම සඳහා හමුදා මුරපොලවල් හරහා ගමන් කිරීම – ඇතුළුවීම තහනම් කර ඇත.

මෙම හිඟයට ඊශ්‍රායලයේ පිළිතුර වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් තොග වශයෙන් ආනයනය කිරීමයි.

නව වීසා නිකුත් කිරීමට ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් එකඟතාව අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල කෘෂි ව්‍යාපාරවල රැකියා සඳහා ගමන් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදයෙන් ඊශ්‍රායලය ප්‍රයෝජන ගනිමින් සිටී.

ඊශ්‍රායලය එහි මිලිටරි මෙහෙයුම්, ජාතිවාදී ප්‍රතිපත්ති සහ නීතිවිරෝධී වාඩිලෑමේ බලපෑමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ශ්‍රමිකයන්ගේ ආරක්‍ෂාව අවදානමට ලක්ව ඇත.

ඊශ්‍රායලයේ සහ ලොව පුරා කෘෂිකාර්මික නිෂ්පාදනය රඳා පවතින්නේ අඩු වැටුප් සහිත “ඉවත දැමිය හැකි” ලෙස සලකනු ලබන සංක්‍රමණිකයන්ගේ ශ්‍රමයෙනි.

 

leave a reply