ග්ලයිෆොසේට් තහනම අහෝසියි

ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.

ග්ලයිෆොසෙට් යම් සීමාවකට යටත් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් ආනයනය මත පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 5 දින සිට බලපැවැත්වෙන පරිදි එම තහනම ඉවත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ 2015 දී ග්ලයිෆොසේට් ආනයනය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තහනම් කරන අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය ධුරයේ දැරුවේ වර්තමාන ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වීම යි.

එකළ ගල්යිෆොසෙට් තහනම් කිරීමට හේතු ලෙස සඳහන් කරනු ලැබුවේ ලංකාවේ පැතිර යන වකුගඩු අකරණි රෝගයේ ව්‍යාප්තිය සඳහා ගල්යිෆොසෙට් හේතුවන බවයි. මෙම ප්‍රබල වල් නාශකය එවැනි තත්ත්වයකට බලපාන්නේ නම් කිසිදු විභාගයකින් තොරව එය නැවත ගෙන්වීමට අවසර ලබාදීම නොකළ යුත්තකි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...