ග්ලයිෆොසේට් තහනම අහෝසියි

ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්‍රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.

ග්ලයිෆොසෙට් යම් සීමාවකට යටත් ආනයනය කිරිම සඳහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් ආනයනය මත පනවා තිබූ තහනම ඉවත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව අගෝස්තු 5 දින සිට බලපැවැත්වෙන පරිදි එම තහනම ඉවත් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ 2015 දී ග්ලයිෆොසේට් ආනයනය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තහනම් කරන අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය ධුරයේ දැරුවේ වර්තමාන ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වීම යි.

එකළ ගල්යිෆොසෙට් තහනම් කිරීමට හේතු ලෙස සඳහන් කරනු ලැබුවේ ලංකාවේ පැතිර යන වකුගඩු අකරණි රෝගයේ ව්‍යාප්තිය සඳහා ගල්යිෆොසෙට් හේතුවන බවයි. මෙම ප්‍රබල වල් නාශකය එවැනි තත්ත්වයකට බලපාන්නේ නම් කිසිදු විභාගයකින් තොරව එය නැවත ගෙන්වීමට අවසර ලබාදීම නොකළ යුත්තකි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...