ජෝර්දානයේ ඇඟලුම් කම්හල් කිහිපයක සේවය කරමින් සිටි ලාංකිකයන් 350කට කොරෝනා

ජෝර්දානයේ කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය අද (04) මාධ්‍ය වෙත අනාවරණය කරන ලදී.

එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ එලෙස කොරෝනා වයිරසය ආසාදනය වී රෝගාතුරව සිටින ලාංකිකයින් පිරිස අතුරින් එක් අයෙකු ඊයේ (03) ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචිකරුවෙක් යැයි ද පැවසේ.

රෝගාතුරවූ ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ලාංකිකයින් 350 දෙනා මේ වනවිට එම කර්මාන්ත පුරය පිහිටි ජෝර්දානයේ මළ මුහුද වෙරළ තීරයට ආසන්නයේ එරට රජය විසින් සැකසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා අදාළ ප්‍රතිකාර සිදු කරමින් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා පවසා ඇත.

මියගිය පුද්ගලයා සේවය කළ ජෝර්දාන් ඇගළුම් කර්මාන්ත ශාලාව පිහිටි කර්මාන්ත පුරයේ සේවය කරන 1200 ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 400 දෙනෙකු ලාංකිකයින් වන අතර ඉන් 350කට පමණ මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ගෙන ඇත.

මොවුන් සියලු දෙනාම එම කර්මාන්ත ශාලාවල පිහිටි නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටීම නිසා මෙම වයිරස සීඝ්‍රයෙන් පැතිර යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...