පලස්තීන දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

එසේම ගැබිණි මාතාවන් 50000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එම ගැබිණි මාතාවන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් එහිදී කුඩ්රා පැවැසුවේය.ජිවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මණින් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් තිබෙන රෝහලක් වෙත රැගෙන යායුතු රෝගීන් 5300 ක් සිටින බවද අල් කුඩ්රා පවසා ඇත.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 22,000 ක් පමණ ඝාතනයට ලක්ව ඇති බවත් තවත් 56500 ක් පමණ තුවාල ලබා ඇති බවත් පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.මේ වනවිට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවගෙන් සියයට 40 ක් සාගතයකට මුහුණ දීමේ අවදානමකට මුහුණපා සිටින බවද පලස්තීන බලධාරීහු පෙන්වා දෙයි.

එසේම පලස්තීන වැසියන් මිලියන 1.5 කට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මේ වන විට නිවාස අහිමි වී තිබෙන බවද පලස්තීන බලධාරීහු ප්‍රකාශ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...