කෙළවුනු විට ජනතාව මතක් වීම

අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.

කෙසේවෙතත් පොහොට්ටුව නියෝජනය කළ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය දී තිබුණි.

තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කර ඇත.

මෙවර අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් මන්ත්‍රීවරයා කීවේය.

ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය.

නාමල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂට ද අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී විශේෂ ප්‍රකාශ කරනු දැකිය හැකිවිය. ඇත්තටම රාජපක්ෂලාට ජනතාව මතක් වී තිබෙන්නේ තමන්ට කෙළවුනු විටයි. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝගයකින් කියවුනේ රාජපක්ෂලා ආර්ථික අර්බුදයට වගකිව යුතු බවයි. ඉන්පසු රාජපක්ෂලාට අවශ්‍යව ඇත්තේ රනිල්ට යම්කිසි සංඥාවක් ලබාදීමටයි. තමන්ට කෙලෙව්වොත් ඉදිරියේදී සිදුවිය හැකි දේ ගැන සංඥාවක් ලබාදීමටයි. එසේ නොමැතිව ජනතාව ගැන අනුකම්පාවක් ඇතිවී නැති බව හොඳින්ම පැහැදලිය.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...