උගත්තු පාර්ලිමේන්තු ගිහින් හොඳටම කරන හැටි

Date:

ලංකා ක්‍රිකට් බලධාරීන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේවන විට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද ප්‍රබල සංවාදයක් මතුවී තිබේ.

2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ශනය සඳහා ශ්‍රී , ලංකා ක්‍රිකට් බලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට (නොවැම්බර් 14 වැනිදා) කැඳවනු ලැබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර ලබැඳියාවන් අතර ගැටුමක් තිබේ ද යන්න පිළිබඳවද පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයා වෙත ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු ද ඉවත්ව ඇති පසුබිම තුළය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබේ.

නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කතානායකවරයාට දැනුම්දී සිටියේ ඊට පෙරදින ( නොවැම්බර් 14 වැනිදා ) කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් හස්ත සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන රූප රාමුවක් ඇති බවත් ඔහු විසින් නියම් හෝ අනියම් ආකාරයෙන් සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර හැසිරවීමට කටයුතු කරන බවයි.

මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස් දක්වමින් පැවසුවේ කෝප් කමිටුව හමුවට ක්‍රිකට් ආයතනය ගෙන එන ලැබුවහොත් අවසානයේදී සිදුවන්නේ සිටින මන්ත්‍රීවරු ටික චුදිතයෝ හෝ හොරු බවට පත්වී ක්‍රිකට් ආයතනය හොඳ පිරිසිදු සුදු ඇඳගත් පිරිසක් ලෙස එලියට යාම බවය.

“ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් අහන හැම මොහොතකම කෝප් කමිටුවේ සභාපතිවරයා හෑන්ඩ් සිග්නල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා, ඔයා වාඩිවෙන්න කියලා ඒක එතුමා භාරයේම තියා ගත්තා.”

“ඉතින් එහෙනම් මේ රටේ ප්‍රශ්න විසඳන්නේ , ක්‍රිකට් එක හොරකම් කළා කියලා රටම පිළිඅරගෙන තියෙන වෙලාවේ මේ හොරු ටික බේරන්න මේ කෝප් කමිටුවේ සභාපතිවරයා විකිණෙනවා නම් අපි කෝප් කමිටුවේ වාඩිවෙන එක තේරුමක් නෑ.”

මේ අතර ( නොවැම්බර් 16 වෙනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සම්බන්ධකමක් පවතින බවට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“කැන්ඩි ක්‍රිකට් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයකු විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා.”

දැනට පවතින පාලන ක්‍රමයේ ගැටලුව උගතුන් විසින් රට පාලනය නොකිරීම යන්න ජනප්‍රිය මතයකි. හාස්‍යජනක කාරණය වන්නේ මෙම මතය තදින් සමාජය තුළ පැල කිරීමට උත්සහ ගනු ලැබුවේ ජාතික ජන බලවේගය වීමයි. ඒ අනුව දැනටත් ඔවුන් මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය කරයි. පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට ගෙන එන ලද මතයක් වූවේ උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවයි. ඒ අනුව ඔහු වියත්මග පිහිටුවා මහ මැතිවරණයේදී ‘උගතුන්’ රැසකට පාර්ලිමේන්තු වරම් හිමිකරදෙනු ලැබීය. මහාචාර්ය රංජිත් බණ්ඩාර ද වියත් මග හැදීමට පුරෝගාමී වූ අයෙකි. මේ ‘උගතුන්, තම උගත්කම් පෙන්වීමට පටන් ගත්තේ ගෝඨාභය බලයට පත්වී කෙටි කාලයක් ගතවීමටත් මත්තෙනි. මෙවැනි උගතුන්ගේ ජඩ වැඩ හරහා අපෙන් ප්‍රශ්න කෙරෙන්නේ නිකම්ම නිකම් උගතුන් ටිකක් පාර්ලිමේන්තු යැවීමෙන් ප්‍රශ්නය විසඳිය හැකිද යන්නයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...