රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට එරෙහි වූ මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම්

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල මහින්ද සිරිවර්ධන නැවතත් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ එම ලේකම් ධුරයට පත්කර තිබේ.

මහා මැතිවරණයට පෙර රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට සහභාගී වූ නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නව කැබිනට් මණ්ඩලයක් විසින් මහින්ද සිරිවර්ධන සහ මහා බැංකු අධිපති නන්දලාල් විරසිංහගේ පත්කිරීම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. එසේම ව්‍යාපාරික ප්‍රජාව සහ මූල්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ඔවුන් තබා ගැනීම ගැන වැඩි කැමැත්තක් දක්වන බවද ඔහු පවසයි.

මහින්ද සිරිවර්ධන සහ නන්දලාල් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉතා සමීපව කටයුතු කරන දෙදෙනෙකි. ඔහු වඩා ආන්දෝලනයකට ලක්වූ වේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන සංවාදයක් මතුවෙද්දි වැටුප් වැඩිකිරීමට නම් දැනට පනවා ඇති බදු දෙගුණ තෙගුණ කිරීමට සිදුවෙනු ඇති බවයි.

ජනතාවට විශාල බරක් පටවා ඇති මොහොතක ජනතාවගේ වැටුප් වැඩිකිරීම ගැන මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල විය.

කෙසේවෙතත් පෙනෙන ආකාරයට වත්මන් ආණ්ඩුවේ පත්කිරීම් සිදුවන්නේ ජනතාවගේ පාර්ශවයට වඩා ව්‍යාපාරික පැලැන්තියේ වුවමනාවන් වෙනුවෙන් පෙනෙන්නට තිබේ.aa

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...